නූඩ්ල්ස් වගේ කොණ්ඩයක් තියන දිවිතුරා ටෙලි නාට්‍යයේ රැප් ගායනා කරන හුරුබුහුටි කෙල්ල

මේ දින ප්‍රේක්ෂක ජනතාව මහත් උනන්දුවෙන් නරඹන ටෙලි නාට්‍යයක් තමයි දිවිතුරා ටෙලි නාට්‍ය. මේ කතා මාලාව තුල අලුත් මුහුණු කිහිපයක්ම දැක ගැනීමට හැකි වනවා. එහෙම අලුත් මුහුණක් තමයි සුධීක්ෂා සමාධි කියන්නේ. හේලි නාට්‍ය තුළ නාටාෂාගේ චරිතය ඔස්සේ සුධීක්ෂා ව ප්‍රේක්ෂකයන් හදුනා ගනු ලබනවා.
වෘත්තියෙන් පුද්ගලික සමාගමක ජ්‍යෙෂ්ට ගිණුම් සහයිකාවක් වන ඇය රංගනයට ඇති ආදරය ආශාව නිසාම ඇයට රංගන කටයුතු වලට ඉඩ ප්‍රස්ථාව උදා ව අතර ඇයට එම රංන අවස්ථාව හිමි වී ගැන මතක් කර සිටින්නේ එය දෙවියන්ගෙන් ලැබුනු තෑග්ගක් බවයි.
නූඩ්ල්ස් වැනි ඉතාමත් ලස්සන කොණ්ඩයක් ඇය සතු වීම නිස ඇයට වෙනස්ම ආකාරයේ සුන්දරත්වයක් හිමි වී තිබෙනවා. හිරු නාලිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂකයා ඇයව හදුන්වන්නේ රැප් ගායනා කරන වර්තමානයේ රියලටි ෂෝවල ජීවත් වෙන චරිතයක් වන රොහානා ලෙසයි.

ඉතින් මේ වන විට ඇය තරුනයන්ගේ සිත් ගත් සුන්දර යුවතියක් බවට පත් වී තිබෙනවා. රොහානාගේ චරිතය නිසා ඇයට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළ බවත් ඒ පිළිබද ඇය අතිශයින්ම සතුටු වන බවත් මතක් කර සිටියා.
ඇයට මේ රොහානා චරිතය නිසා රැප් ගායනා සදහා යොමු වී ඇති බවත් රැප් ගායනා මේ බවන විට ගමන්ගේ ජිවිතයේ කොටස් වී ඇති බවත් ඇය මතක් කර සිටියා එමෙන්ම එම දින 4 පුරා එම රැප් ගායනා කිරිම් පුහුණු වීම් ඇය විසින් සිදු කරන බවත් මතක් කර සිටියා.
ඇයට ප්‍රේක්ෂයන්ගෙන ලැබෙන ප්‍රතිචාර සමග ඇය වෙත ලියා එවන දේවල් ඇය මතක සටහන් ලෙස ඇයගේ දුරකථනයේ ස්ක්‍රීන් ෂොට් ලෙසද ඇය තබා ගෙන ඇත්තේ ඇයට එම ප්‍රතිචාරයක් ඒ තරමටම වටිනා නිසා බවයි.

ටෙලි නාට්‍ය තුළින් දැක ගැනීමට හැකි වන ඇයව ඉදිරි කාලයේදි සිනමා කටයුතු වලින්ද දැක ගැනීමේ අවස්ථාව ඇති බව ඇය මතක් කර සිටියා. ඉතින් සුන්දර රංගන ශිල්පිනියක් ලෙස රසිකයන් අතරට පැමිණි ඇයගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.









