අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

මල්ලිලා එක්ක විවාහ වුන ජනප්‍රිය තරු

“විවාහය” කියලා කිව්වම අපේ රටේ අතීතයේ සිට පැවත එන චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත් රාශියක් ඒ සම්බන්ධව බැඳිලා තියෙනවා. අතීතයේ පැරැන්නන්ගේ සිට පැවතගෙන ආපු සිරිතක් තමයි විවාහ වන මනාලයා මනාලියට වැඩිය වයසින් වැඩිමල් වෙන්න ඕනෙ කියන එක.

නමුත් මේ වෙනකොට නම් ඒ සියලුම නීති රීති බිඳ දමමින් ආදරේට උස, මිටි, මහත ,කෙට්ටු, කළු ,සුදු, ජාති , ආගම්, කුල, වයස්… මේ කිසි දෙයක් බාධාවක් කර නොගෙන වර්තමානයේ බොහෝ තරුණයන් විලාසිතාවක් ලෙස තම වයසට වඩා වැඩිමල් තරුණියන් සමග විවාහ වෙන්න පෙළඹී තිබෙනවා.

ඉතින් මේ වගේ ලාබාල තරුණයන් හා විවාහ වුණු වැඩිමල් තරුණියන් අතර අපේ රටේ කලා ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ සිටින ප්‍රසිද්ධ, ජනප්‍රිය පුද්ගලයින් ද රාශියක් සිටිනවා.

ඉතින් ඉන් කිහිපදෙනෙක් විදිහට අපිට මේ අය ගන්න පුළුවන්. ජනප්‍රිය, යොවුන් ගායන ශිල්පී දිනේෂ් තරංග සහ රැණ්ඩාලා මාරිස් කියලා කියන්නෙත් ඒ වගේ ජනප්‍රිය යුවලක්.

ඔබ අප කවුරුත් හඳුනන ,ආදරය කරන දිනේෂ්ට වැඩිය ඔහුගේ ආදරණීය බිරිඳ රැණ්ඩාලා අවුරුදු දහයක් පමණ වැඩිමල් බවයි අපට දැනගන්න ලැබුණේ.

ඒ වගේම ලංකා සිනමාවේ නිළි රැජිනිය වන මාලනී ෆොන්සේකා මහත්මිය විවාහ වෙලා හිටියෙ ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පී ලකී ඩයස් මහත්මයා සමඟ බව මේ වෙනකොට නොදන්න කෙනෙක් නැහැ.

ඉතින් මාලනි ෆොන්සේකා මහත්මියත් ලකී ඩයස් මහතාට වැඩිය වසර ගණනාවකින් වැඩිමල් බව තමයි පැවසෙන්නේ. ඒ වගේම නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියල කියන්නෙ වර්තමාන රංගන ශ්‍රේෂ්ත්‍රයේ සිටින ජනප්‍රියතම තරු යුවලකුයි.

මේ වෙනකොට ඔවුන් සිගිති දියණියකගේ ආදරණීය දෙමාපියන් වන අතර නෙහාරා පීරිස් මේනක රාජපක්ෂට වඩා වසර කිහිපයකින්ම වැඩිමල් බවයි වාර්තා වෙන්නේ.

ඉන්පසු ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන් මහත්මියව ගන්න පුළුවන්. ඇය මෙන්ම සුන්දර යොවුන් වියේ පසුවන දියණියකගේ මවක වන ඇය විවාහයෙන් නීතියෙන් වෙන් උවත් වුවත්

ඇය විවාහ වී සිටියේ ඇයට වඩා වසර ගණනාවකින් ලාබාල ජනප්‍රිය ගායන ශිල්පියකු වන මධුමාධව අරවින්ද සමඟ බව ඔබත් දන්නවා ඇති.

ඒ වගේම මේ දිනවල නිතර කතාබහට ලක්වන, නිතර දක්නට ලැබෙන, පුවත් මවන ජනප්‍රිය යුවලක් ගැනයි දැන් අපි කතා කරන්න සුදානම් වෙන්නේ.

ඒ තමයි ජනප්‍රිය, ප්‍රවීණ ගායන ශිල්පිනී සමිතා එරන්දතී මුදුන්කොටුව සහ චිරන්ත කියලා කියන්නේ. මේ යුවල ගැන නම් නොදන්න කෙනෙක් නැහැනේ. ඉතින් සමිතා චිරන්ත ට වැඩිය අවුරුදු 20කින් පමණ වැඩිමල් බව ඔබත් දන්නවා ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button