රංගන කටයුතු වලින් නැගී එන යොවුන් රංගන ශිල්පිනියක් බවට පත් වී ඇති හර්ෂි අංජුමාලා

ලාබාල වයසේදීම නර්තන ශිල්පිනියක් ලෙස 2008 වසරේ දෙරණ නාලිකාවේ විකාශය වූ සියලු රියැලිටි තරගාවලිය ඔස්සේ රටේම ආදරය දිනා ගත්තේ පුංචි දැරිවිය අද වන විට යොවුන් වියේ සුන්දර යුවතියක් වනවා.
ඇය නමින් හර්ෂි අංජුමාලා වේ. නර්තනය සඳහා උපන් හපන්කම් දක්වන ඇය රංගන හැකියාව මේ වන විට ඇය වටා රොක්වූ ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට හැකි වනවා.
නර්තනය ඔස්සේ දිගු ගමනක් යාමට කටයුතු කරන ඇය මේ වනවිට විශ්ව වන විට විශ්වවිද්‍යාලය සිසුවියක් ලෙසද ලෙස ද කටයුතු කරනු ලබයි. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රුපවාහිනී පිළිබඳව උපාධියක් හදාරනු ලබනවා.

ගායනයෙන් රටම හඳුනාගත් ඇය අද වන විට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ යොවුන් රංගන ශිල්පිනියක් වශයෙනි . සිදු ටෙලි නාට්‍යය ඔස්සේ ඇයගේ රංගනය දැක ගැනීමට හැකි වූ අතර ඒ ගැන වඩාත් කතාබහට ලක්වූයේ රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වන සකල ගුරු ටෙලි නාට්‍යයේ ඇය පණ පොවන රෝෂිණී ගේ චරිතය යි.
කටකාර හුරතල් පවුලේ එකම දියණිය වශයෙන් ඇය මෙම චරිතය නිරූපණය කරනු ලබයි. මෙම චරිතය එයට ලැබුණු වෙනස්ම ආකාරයේ චරිතයක් බව ඒ අභියෝගාත්මක චරිතයක් බවත් ඇය යි මතක් කර සිටියා.

මේ ටෙලි නාට්‍ය වලට අමතරව කනා මැදිරියෝ, භාරත හේරා, සඳ පිනි වැස්ස, දෙයියන්ගේ රටේ වැනි නිර්මාණ රැසකටද මේ වන විට ඇය තම දායක්තව ලබා දෙනු ලබනවා.
අංජුමාලාගේ කුඩා කල සිට ඇගේ හීනයක් වූ නිවේදන කටයුතු සිදුකිරීමට ඇය අවස්ථාවක් හිමිවී ඇත. ඒ අනුව රූපවාහිනියෙන් විකාශය වන සංගීත වැඩසටහනක් සජීවී ලෙස සිදු කිරීමට මේ වන විට අවස්ථා උදා වී ඇති අතර එය ඇයගේ එක් සිහිනයක් සැබැවිමක් කිවහොත් නිවැරදි.









