පුතා සමග සතුටින් කාලය ගත කරන අදටත් සුන්දර රූ සපුවක් හිමි හිමාලි සිරිවර්ධන

කලා ලෝකයේ රංගන ශිල්පිනියක් වාගේම සුන්දර නර්තන ශිල්පිනියක් වන ඇය නමින් අපි කවුරුත් දන්න හිමාලි සිරිවර්ධන වේ. ඇය රසිකයින් අතර වඩාත් ජනප්‍රිය වන්නේ සහ හොදම නිළිය ලෙස වරක සම්මානයට පාත්‍රවන්නේ රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වු සදගල තැන්න ටෙලි නාට්‍ය ඔස්සේ වේ.
රංගන කටයුතු වලදි ඇය මෙරට ටෙලි නාට්‍ය වලට වාගේම මෙරට තිර ගත වු සිනමා කෘති වලටද දායකත්ව ලබා දී තිබෙනවා.
ඇය නර්තනයට ද උපන් හපන්කම් දක්වන සුන්දරියක් වන අතර මෙරට ප්‍රධාන නාලිකා වල පැවැත්වු රියැලිටි නර්තන තරගාවලි සදහා ඇයගේ දායකත්වය ලබා දී ඇත්තා සේම මේ වන විට හිරු නාලිකාවේ විකාශය වන මේගා ස්ටාර් නර්ගත තරගාවලියේ විනිසුරුවරියක් ලෙස කටයුතු කරනු ලබනවා.

ඉතින් අද වන විට මේ සුන්දර සුරූපී රංගන ශිල්පිනිය ආදරණිය බිරිදක් වාගේම ආදරණිය මවක් වනවා. ඇයට වැඩිමහල් පුතෙකු සිටින අතර මේ වසරේ ඇයගේ පුතුගේ උපන්දිය ඉතාමක් සුන්දර ලෙස සමරන්නට වුනා.
එක් පුතෙකු සිටින නිසා තවත් දරුවෙක් ගැන බලාපොරොත්තුවෙන් සිටින බවත් තමන්ගේ පුතු නිසා ඉතාමත් කාර්යබහුල මවක් වී සිටින බවත් ඇය පවසා තිබුනා.

මව්පදවිය ලබා සිටියත් ඇයගේ සුන්දරත්වය රූ සපුව ඒ අයුරින්ම පවත්වාගෙන යාමට ඇය වග බලා සිටින බව ඇය දකින ඕනැම කෙනෙකුට පෙනේ.
අදටත් සුන්දර කාන්තාවක් වෙලා ඉන්න හිමාලි සිරිවර්ධන ඇයගේ සුන්දරත්වය ගැන කිවේ මේ විදිහටයි.
” මගේ රූපය පත්වාගෙන යන්න කලින් හිටියා වගේම ඇඟ හදාගන්න මම ගොඩක් මහන්සි වුනා. මගේ පුතා නිසා මම ඉන්නේ ගොඩක් සතුටින් ඒ සතුට මාව තවත් ලස්සන කරනවා.”









