ගොසිප් පුවත්තරු ගොසිප්

මිතුරන් සේ කාලය ගත කරන රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන් සහ ඇයගේ දියණිය ශ්වේතා මන්දාකිණි

මෙරට කළා ලෝකයේ අමතක නොවන මතකයන් රැසක් ඉතිරි කරපු අදටත් සුන්දර කාන්තාවන් ලෙස ජිවත් වන මෙරට දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස නිල්මිණි තෙන්නකෝන් මහත්මිය පෙන්වා දිය හැක.

එදා මෙන්ම අදටත් කාගේත් ආදරය දිනා සිටින සුන්දර රංගන ශිල්පිනිය මේ වන විට තමන්ගේ ආදරණීය දියණිය සමඟ සතුටින් සමඟ සතුටින් කාලය ගත කරනු ලබයි.

සිංහල සිනමාවේ මතකයන් රැසක් ඉතිරි කරන ලද මේ සුන්දර රංගන ශිල්පිනිය හඳුන්වනු ලබන්නේ මෙරට සිනමාවේ කඳුළු බිඳුව ලෙසයි. මධුමාධව අරවින්ද සමග ඇය විවාහ වුවත් මේ වන විට දිවිගෙවන්නේ ඇයගේ එකම දියණිය සමඟයි.

ඊට හේතුව වන්නේ මධුමාධවගෙන් ඇය වෙන් වී සිටිම නිසයි. රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්ගේ ආදරණීය දියණිය ශ්වේතා මන්දාකිණී වේ.

ඒ මේ වන විට සුන්දර යොවුන් විය පසු කරමින් සිටින තරුණියක් වේ. පුංචි වයසේ සිටින සුන්දර දැරිවියක් වු නිල්මිණිගේ එකම දියණිය මව මෙන් සුන්දර වේ.

කුඩා කාලයේ සිට ඇයව සුන්දර ලෙස තබා ගැනීමට කටයුතු කරපු නිසා තමන්ගේ දියණය කුඩා කාලයේ මෙන්ම අදටත් ඇයගේ සුන්දරත්වය ඒ අයුරින්ම දකින බව නිල්මිණි තම දියණිය ගැන ආදරයෙන් මතක් කර සිටියා.

කුඩා කාලයේ සිටම හුරතල් ලෙස හැදි වැඩුනු තමන්ට කිසිදු කරදරයක් නොදි හැදි වැඩැනු තම දියණිය ඇයට ඉතා හොදින් කොරියන් භාෂාව කතා කිරිමේ හැකියාව ඇති බවත් ඇය පොත් පත් කියවීමට මෙන්ම  පියානෝ වාදනයට ද දද්කම් දක්වනවා.

එමෙන්ම ඇය සංගීත කටයුතු සදහා ඉතාමත් දක්ෂ බවත්  නිල්මිණි තම ආදරණය දියණිය ගැන මතක් කර සිටියා.මව සහ දියණිය වුවත් ඔවුන් දෙපළ සතුටින් කාලය ගත කරන බවත් විටෙක ඔවුන් යහළුවන් බවත් නිල්මිණි තම දියණිය ගැන මතක් කර සිටියේ මහත් ආදරයෙනි. නිල්මිණි තෙන්නකෝන් දියණිය  ශ්වේතා සමග දිවි ගෙවන්නේ මෙහෙමයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button