
මේ දවස් වල හරි හරියටසමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කතා කරන කඩවසම් චරිතයක් තිබෙනවා. වැඩි වශයෙන්ම තරුණයන්ගේ ආකර්ෂණය දිනාගත් මේ කඩවසම් තරුණයා සහ ඔහු විසින් විකාශය කරන වීඩියෝ අද වෙන විට අතිශයින් ජනප්‍රියතාවයට පත් වී ඇති අතර ඔහුවත් නොසිතූ ආකාරයෙන් ඔහුගේ එම වීඩියෝ විශාල පිරිසක් නරඹනු ලබනවා.
මේ දිනවල තරුණයන්ගේ සිහින කුමරා බවට පත් වූ මොහු නමින් චරිත් එන්. සිල්වා වේ. තවමත් වයස අවුරුදු 25ක් වන මොහු වෘත්තියෙන් සූපවේදියකු වන අතර අපේ රටේ ප්‍රසිද්ධ හෝටලයක ඔහු වෘත්තීයේ යෙදී සිටී.

බොහෝ දෙනෙක් අදටත් මොහුගේ නම නොදන්නා නොදන්නවා වුණාට මොහු විසින් ටික් ටොක් වීඩියෝ හරහා ඉදිරිපත් කරනු ලබන ආහාර සැකසීමේ වීඩියෝ කුඩා දරුවන් අතර පවා ජනප්‍රිය වී තිබෙනවා
සුන්දර සිනහවක් සහිතව ඔහු විසින් මේ වීඩියෝ ඔස්සේ ආහාර සකසන ආකාරය නිසාම නිසා ම කඩවසම් ඔහු තරුණියන් අතර අතිශයින්ම ජනප්‍රිය වී තිබෙනවා.
ඔහු මේ ආකාරයෙන් ටික්ටොක් වීඩියෝ හරහා ආහාර පිසීන ආකාරයේ වීඩියෝ නිකුත් කිරීමට බලාපොරොත්තු වී ඇත්තේ ටික් ටොක් ඔස්සේ අපේ රටේ කවුරුත් එවැනි වීඩියෝ ප්‍රචාරය නොකල අවධියකයි.

තමන් වෘත්තියෙන් සූපවේදී එක වූ නිසාත් තමන්ගේ දක්ෂතා උපයෝගී කරගනිමින් මෙවන් අලුත් දෙයක් ආරම්භ කිරීමට සිතූ බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා. මුල් වීඩියෝ ඔස්සේ ජනප්‍රියත්වයට පත්වූ ඔහු ඒ පිළිබඳ මතක් කර සිටියේ මේ ආකාරයටයි
“මම හිතුවේ නෑ මේ තරම් ජනප්‍රිය කියලා. ඒක මගේ ජීවිතේට ලොකු ආශීර්වාදයක්.”තරුණයන්ගේ වැඩි ආකර්ෂණය නිසාත් ඔවුන්ගේ ප්‍රතිචාර වගේම ඔහුගේ වීඩියෝ නරඹන අනිත් අයගේ ප්‍රතිචාර වලට ඔහු තමන්ගේ හද පිරි ස්තුතිය පුද කරන අතර එවැනි අදහස් තුලින් ඔහු තව තවත් ශක්තිමත් වන බවත් ඒ ගැන අතිශයින්ම සතුටු වන බවත් මතක් කර සිටියා









