ගොසිප් පුවත්තරු ගොසිප්

මුලදී ගෙදරින් අකමැති වුනත් පස්සේ රඟපානවට කැමති වුනා

අපේ රටේ  විවිධ නාලිකා වල පවත්වනු ලබන රියැලිටි තරගාවලි ඔස්සේ බිහි වන විවිධ තරු අද වන විට අපට වැඩි වශයෙන් දැක ගැනීමට හැකි වන්නේ ඔවුන් විවිධ කලා නිර්මාණයන සදහා යොමු වීමයි. විශේෂයෙන් රංලන කටයුතු සදහා මේ නවකයන්ගේ සහභාගිත්වය වැඩි වශයෙන් දැක ගැනීමේ හැකියාව තිබෙනවා.

මේ නිසා ප්‍රේක්ෂකයන් නරඹන බොහො ටෙලි නාට්‍ය වල අද වන විට දකින්නට හැකි වන්නේ මේ නවක රංගන ශිල්පීන් හා රංගන ශිල්පිනියන් වේ. ඔවුන්ගේ රංගනයන්ට දක්වන කැමැත්ත නිසාම අද වන විට එම නාලිකා ද අතිශය ජනප්‍රිය නාලිකා බවට පත් වී තිබෙනවා.

අපි මේ කියන්නේ ඒ වගේ රංගනයෙන් දැක ගන්නට හැක අලුත් මුහුණක් ගැනයි. ඇය නමින් මදුෂානි වික්‍ර‍සිංහ වේ. අද වන විට රංගනය නිසා දිගු ගමනක් යැම සදහා ඇයට අවස්ථාව උදා වී තිබෙනවා.

රංගනයට අමතරව ඇය නිරුපණ ශිල්පිනියක්, රුපලාවන්‍ය ශිල්පිනියක් ලෙසද කටයුතු කරනු ලබනවා. ඇය නිරුපණ කටයුතු සදහා දායක වන්නේ විනෝදාංශයක් ලෙස ඇය මතක් කර සිටියා. ඇයගේ රංගන කටයුතු ආරම්භ කිරිම ගැන කතා කරන විට 2018 වසරේ සිට රංගනය සදහා අය පිවිසි ඇත.

ඇයට හිමි වන චරිත සචහා ඇය උපරිම දායකත්වයක් ලබා දෙන බවත් ඇයට වැඩි වශයෙන් හිමි වන්නේ පෙම්වතියගේ චරිත නිසා ඇය ආසාවෙන් බලාපොරොත්තු වි සිටින්නේ මෙහෙණින් වහන්සේ කෙනෙකුගේ චරිත නිරුපණයක් සිදු කිරිමට බවත් මතක් කර සිටියා.ඉතින් මේ නවක රංගන ශිල්පි මදුෂානි‍ගේ ජායාරුප තමයි ‍ඔබට දැක ගැනීමට හැකි වන්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button