උණුසුම් පුවත්ගොසිප් පුවත්තාක්ෂණික පුවත්

bbc wildlife photographer of the year 2021 තරගයේ විශේෂ පැසසුමට ලක් වු අපේ රටේ ඡායාරූප ශිල්පින් දෙපළ

කලාව කියන්නේ හරි අපුරු දෙයක් මේ කලාව විවිධ ක්ෂ්‍රේතයන්ගෙන් නිරුපණය වනවා. දියුණු තාක්ෂණයත් සමග කලාවද වෙනස්ම ආකාරයෙන් නිර්මාණය වී තිබෙනවා. ඡායාරූප ශිල්පය කියන්නේ කලාවට එක් වු එවැනි අංගයක්.

ලෝකය පුරා වයස් භේදයකින් තොරව මේ ඡායාරූප කලාව හාදාරණ විශාල පිරිසක් සිටින අතර එවැනි ඡායාරූප ශිල්පින් අලලා  ඡායාරූප කලාවේ විවිධ ක්ෂ්‍රේතයන් උපයෝගි කර ගනිමින් ලෝකය පුරා විවිධ තරගාවලි පවත්වනු ලබනවා.

ඒ අනුව ලෝක වනජීවි ඡායාරෑප ශිල්පින් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ බී.බී.සී ආයතනය විසින් සංවිධානය කරන බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා තේරිමේ තරගයද එවැනි තරගාවලියකී. මේ වසරේද එනම් 2021 වසරේද මෙම තරගය (bbc wildlife photographer of the year 2021) පවත්වනු ලබන අතර මේ තරගය පසුගිය දිනක අපේ රටට සුවිශේෂි කරුණක් වුනා.

01. Buddhilini de Soyza 

The great swim

ඊට හේතුව වන්නේ මේ තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලාංකීක ඡායාරූඵ ශිල්පීන් දෙදෙනෙකු ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ ඇගයුමට ලක්වීමට සමත් වනවා.ශ්‍රී ලාංකීක එහිදි ළාබාල වයසේ පුතෙකු සහ ඡායාරෑප ශීල්පිණීයක මෙලෙස ඇගයීමට භාජනය වනවා. ඔවුන් දෙපළ වන්නේ ගඟන වික්‍රමසිංහ සහ බුද්ධිලිනි ද සොයිසා වේ.

මෙහිදි ගඟන වික්‍රමසිංහ පුතු ගැන කතා කරන විට ඔහු වයස අවුරු 11 දරුවෙකි තමන්ගේ ගෙවත්තේ ගිරා බෙනයක සිටින ගිරා පවුලක් තමන්ගේ කැමරාවට හසු කර ගන්නා මොහු එයට නම් තබා තිබුනේ ” ලොක්ඩවුන් චික්ස්” ලෙසයි.

02. Gagana Mendis Wickramasinghe

Lockdown chicks

ඡායාරෑප ශීල්පිණී බුද්ධිලිනි ඩී සොයිසා මහත්මිය විසින් කෙන්යාවේ මසෙයි මාරා වනෝද්‍යානයේ ගංගාවක චීටාවන් රැළක් දිය නාන අවස්ථාවක සේයා රුපක් ලබා ගෙන ඇති අතර එතුමිය එය නම් කර තිබුනේ “ද ග්‍රේට් ස්විම්” ලෙසයි.

ඔවුන් දෙපළ ගබා ගත් මෙම ඡායාරූ 2 අංශ දෙකක් යටතේ ජුරියේ විශේෂ ප්‍ර‍ංශාසවට ලක් විය.රටවල් 95 ක දක්ෂ ඡායාරෑප ශීල්පින්ගේ ඡායාරෑප 55000 තුළින් මෙම ඡායාරූප සදහා ලැබුනු මෙම පැසසුම අපේ රට ලද මහත් ජයග්‍ර‍ණයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button