
සුන්දර රූ සපුවක් හිමි යුවතියන් එදා වාගේම අදටත් අපේ රටේ සිටිනවා. සුන්දර රු සපුවක් හිමි බුද්ධිමත් කමින් පරිපුර්ණ රූමතියන් තේරීම සදහා වසරත් පසා පවත්වනු ලබන තරගාවලියක් තමයි ලෝක රූ රැජින තරගාවලිය සහ විවාහක රූ රැජින තරගාවලිය කියන්නේ.
මෙකී තරගාවලි සදහා අපේ රටේ සුරුපිනියන් සහභාගී වි ඇති අතර එම තරගවලින් ඔවුන් ජයග්‍රණයද ලබා ගෙන තිබෙනවා. අපේ රට ජාත්‍යාන්තරයට ගෙන ගිය සුන්දර රූමතියන් කිහිපදෙනෙකු ඔබට පහතින් දැක ගැනීමට හැකි වේ
- අනර්කලී ආකර්ෂා
රංගනයෙන් අපේ රටේ ජනප්‍රිය වු ලාබාලම තැනැත්තිය විදිහට අනර්කලී ආකර්ෂා හදුන්වන්න පුළුවන්. සිංහල සිනමාවේ සිනහාවෙන් පිරවු “පිස්සු ට්‍රිබල්” චිත්‍රටයට ඇයගේ රංගන දායකත්වය ලබා දෙන අතර ඇය මේ නිසා බොහෝ සේ ජනප්‍රිය වනවා.

මෙරට විකාශය වු සිනමා කෘති රැසක ආදරණිය චරිත නිරුපණය කළ ඇය කාගෙත් ආකර්ෂණය දිනා ගත් චරිතයක් වනවා. 2004 වර්ෂයේදී මිස් ශ්‍රී ලංකා බවට පත් වන්නට අනර්කලී ආකර්ෂා සමත් වන අතර ඇය එම වසරේදීම මිස් යුනිවර්ස් තරගය සඳහා සහභාගි වනවා.

- අරුණි රාජපක්ෂ
සුන්දර රූ සපුවක් හිමි අරුණි රාජපක්ෂ නිරූපණ ශිල්පිණියක් වන අතර 2007 වර්ෂයේදී මිස් ශ්‍රී ලංකා බවට පත් වනවා. සුන්දර තරුණියක් වන ඇය විවිධ රූ රැජින තරගාවලින් සදහා සහභාගී වන අතර 2012 වසරේ Bride of the world තරගයෙන් තෙවන ස්ථානය දිනා ගැනීමටද සමත් වනවා.

- රෝසි සේනානායක
රෝසි සේනානායක මහත්මිය අද වන විට අපේ රටේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිනියක් වන අතර ඇය අපේ රටට විශේෂ වන්නේ මිට වසර ගණනාවකට පෙරය.

ඊට හේතුව වන්නේ 1985 වර්ෂයේ දී ඇය ලෝක විවාහක රූ රැජින බවට පත් වෙමින් අපේ රටට ජයග්‍රණය ගෙන එනු ලබනවා. එදා මෙන්ම අදටත් සුන්දර රූ සපුවක් හිමි ඇය සැබැවින්ම සුන්දර කාන්තාවකි.
- ගයේෂා පෙරේරා
2006 වසරේ මිස් ඉන්ටර්නැෂනල් තරගය සඳහා ලංකාව නියෝජනය කරනු ලබන්නේ ගයේෂා පෙරේරා වේ. ඇය අපේ රටේ නිරුපිණ ක්ෂේත්‍රයේ ද දැක ගැනීමට හැකි වේ.

2009 දී ඇය මිස් ටුවරිසම් ක්වීන් ඉන්ටර්නැෂනල් තරගයෙන් අපේ රටට ජයග්‍රණය ගෙන එනු ලබනවා. ඇය අපේ රටේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක්ද ලෙස ද කාලයක් කටයුතු කරනු ලැබුවා.
- ස්ටෙෆනි සිරිවර්ධන
පසු ගිය දින වල නිවේදන කටයුතු සිනා බොහෝ දෙනා කතා බහට ලක් කරන ලද ස්ටෙෆනි අද වන විට ජාත්‍යාන්තර නිවේදිකාවක් ලෙසද කටයුතු කරනු ලබනවා.
සුන්දර සිනහාවක් හිමි ඇය ද අපේ රටට 2011 වර්ෂයේ දී ඇය විසින් මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා තරගය ජයග්‍රහණය කරනු ලබනවා.









