උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

පුබුදු චතුරංග මුල්ම හමුවීමේ සුන්දර මතකය අවධි කළ මාෂි සිරිවර්ධන

ප්‍රවේගය, මායා වැනි චිත්‍ර‍ට ඔස්සේ බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් රංගන ශිල්පියෙකු වන පුබුදු චතුරංග කියන්නේ මේ වන විට ආදරණිය ස්වාමි පුරුෂයෙකු වනවා. මාෂි සිරිවර්ධන සමග විවහා වන අතර ආදරණිය පෙම් යුවලක්ද වනවා.

පුබුදු චතුරංග මුල්ම හමුවීමේ සුන්දර මතකය අවධි කළ මාෂි සිරිවර්ධන එ පිළිබද මතක් කලේ මේ ආකාරයටයි.අසල්වැසියෙක් ආකාරයෙන් පුබුදු චතුරංග මුලින්ම හදුනාගන්නා අතර ඇය පදිංචි වී සිටි අත්තිඩියෙ ලේක්ක‍්‍රසන්ට් හවුසින් ස්කීම් එකේ හතරවෙනි පටුමගේ රංගන ශිප්පියෙකු ද සිටින බව දැන ගත් නමුත් ඇය කිසි දිනක එහු දැක තිබුනේ නැ.

දවසක් මාෂි සහ ඇයගේ මව සමග ගමනක් යන අවස්ථාවේදි පුබුදු චතුරංග මුලින්ම හමුවු අතර මාෂිගේ මව පුබුදු සමග කතා කළ බව ඇය විසින් මතක් කර සිටියා. එහිදි ඔහු මාෂිව ෆිල්ම් එකක රංගපැම් කටයුතු සදහා තොරා ගන්න හිතෙනා යැයි පවසමින් ඇයගේ මවගේ දුරකථන අලංකය ඉල්ලා ගන්නවා.

ඉදහිට ඔහු මාෂිගේ මව සමගින් කතා බහ කරමින් ඔවුන් මිත්‍ර‍ින් බවට පත් වුනා. මේ නිසා මාෂිගේ පවුගේ ඔක්කෝම පුබුදු සමග ලෙන්ගතු වු බවත් ඇය වැඩි දුරටත් මතක් කර සිටියා.

මේ ආකාරයෙන් ඔවුන්ගේ ආදරයට මුල පුරන අතර කළුතර බෝධිය අසල බෝධි පුජාවක් පවත්වන ලද දිනයක පුබුදු ඔහුගේ ආදරය මාෂිට පැවසුවේ මේ ආකාරයෙනි.

‘‘බුදුන් ඉදිරියේ මේ කියන්නෙ මේක බොරුවක් නෙමෙයි ඇත්තම ඇත්තයි මං ඔයාට ආදරෙයි” කියලා පුබුදු ඔහුගේ ආදරය මාෂිට පැවසුවා.

මේ ආකාරයෙන් සුන්දර මතකයන් පිරුණු පුබුදු , මාෂි ආදරය වසර 4 කාලයකින් පසු දෙමාපිය ආශිර්වාදය මත ඔවුන් විවහා දිවියට පත් වනවා.

අදටත් සුන්දර ආදරණිය යුවලක් විදිහට මේ පුබුදු , මාෂි යුවල අපට දැක ගන්නට පුළුවන්. මේ ආදරණිය දෙපළගේ සුන්දර ඡායාරූප පෙළක් ඔබට පහතින් දැක ගැනීමට හැකි වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button