මුල්ම රූගත කිරීම් වලදී මම බය වුණා. ප්‍රවීණ නළු නිළියන් කිහිපදෙනෙක් මගේ බය නැති කළා නිම්මී මනෝහාරි

විවිධ රූපවාහිනී නාලිකා වල මේ දිනවල විකාශය වන ප්‍රේක්ෂක ජනතාව ඉතාමත් ආදරයෙන් නරඹන එකිනෙකට වෙනස් වු ටෙලි නාට්‍ය ගණනාවක් විකාශය වන අතර,
ඒ අතරින් ද වැඩි ප්‍රේක්ෂක පිරිසක් එක්රොක් වී නරඹන වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් හිමි වී ඇති ටෙලි නාට්‍ය අතරින් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය අද වන විට සුවිශේෂී ටෙලිනාට්‍යයක් බවට පත් වී තිබෙනවා.
මෙම නාඩගම්කරයෝ ටෙලි නාට්‍ය පිළිබඳ කතා කිරීමේදී ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් මෙන්ම රංගනයට අලුත් නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගණනාවකගෙන් හැඩවෙන මේ ටෙලිනාට්‍ය තුළ වෙනස් වූ ආකාරය චරිත ගණනාවක් දැක ගැනීමට හැකි වනවා.
රංගනයට නවකයන් වුවත් ඉතාමත් කෙටි කාලයක් තුළදී තුළදී ජනප්‍රියත්වයට පාත්‍ර වීමට මෙහි සිටින නවක ශිල්පීන් සහ ශිල්පිනියන් සමත් වී ඇති අතර,
ඒ අතර කාගේත් අවධානයට යොමු වූ තවත් එක් සුන්දර චරිතයක් වශයෙන් මාස්ටර්ගේ පුංචි දුවගේ අනර්ථයට පණපොවන නිම්මි මනෝහාරි හදුන්වන්නට පුළුවන්.
එයත් චිත්‍රයට පැමිණි නවක රංගන ශිල්පිනියක් වනවා. වෘත්තීයෙන් හෙද නිලධාරිනියක් වශයෙන් කටයුතු කරන ඇයට මෙම නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය තුළ රඟපෑම සඳහා අවස්ථාව උදාවන අතර ඒ ඇයගේ පළමු රංගනය ද වනවා.

රංගනය පිළිබඳ අත්දැකීම් නොමැති වුවත් ඇයගේ පවුලේ සහෝදරයකුගේ මාර්ගයෙන් ඇයට මෙම අවස්ථාව උදාවී තිබූ බව ඇය මතක් වෙලා සිටියේ ඉතාමත් සතුටිනි.
නවකයෙකු වශයෙන් රංගන ශිල්පි පිවිසි මුල් අවස්ථාවේදීම ඇයට රංගන කටයුතු සඳහා ප්‍රවීණ රංගන ශිල්පීන් හා සමග කටයුතු කිරීමට ලැබීම සැබැවින්ම ඇයගේ වාසනාවකි.
ඇයට මුලින්ම රංගනි කටයුතු කිරීමට සිදු සිදු වූයේ පවුලේ අය සමඟ වන සිදුවීමක් වන අතර එහිදී ඇය බය වූ බවත් ඔවුන් සමග සමග කටයුතු කිරීමේදී ඇයට තිබූ බය නැති වී ගිය බවත් ඇය තම අදහස් දැක්වීමකදී පවසා තිබුනා.
රූගත කිරීම් කරන මුල් අවස්ථාවලදී දෙබස් අමතක වීම නිසා අපහසුතාවයට පත්වූ බවත් පසුව ඒවා කටපාඩම් කරමින් චරිතය තමන් හිතින් මවාගෙන එහෙම උත්සාහ කර ඇති බවත් එම කටයුතු සඳහා ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගෙන් ලැබුණු සහය ඉතාමත් අගය කරන බවත් ඇය මෙහිදී කියා සිටියා.








