නෙහාරට වැඩියෙන් ශේෂද්රි හොඳ නිසයි මගේ ටෙලිනාට්‍යට ගත්තේ

බොහෝ දෙනාගේ හදවත් තුළ ඉතා ඉහළින් රැඳෙන අති දක්ෂ ,ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ඔහු රංගනයට අමතරව මේ වන විට අධ්යක්ෂවරයකු ලෙස ද කටයුතු කරනු ලබනවා.
“මුතු කිරිල්ලී” ටෙලි නිර්මාණයෙහි “අනුපම” නම් චරිතය හරහා බොහෝ දෙනාගේ සිත් සොරාගත් ඔහු අති දක්ෂ, ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පී මේනක රාජපක්ෂ යි.
අධ්‍යක්ෂකවරයකු ලෙස පසුගිය දිනවල තම කුලුඳුල් ටෙලි නිර්මාණය සඳහා කාර්ය බහුලව සිටි ඔහු මේ දිනවල එම සතුට සමරන බවයි අපට දැනගන්න ලැබුණේ.
ITN නාලිකාවේ විකාශය වූ “ආලියා” නම් ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වී ඇත්තේ ශේෂාද්‍රි ප්‍රියසාද් විසිනුයි.
ඊට අමතරව පුබුදු චතුරංග, ජගත් චමිල, උපේක්ෂා ස්වර්ණමාලි, බිමල් ජයකොඩි, මොරින් චාරුණි, කුමාර තිරිමාදුර… වැනි අති දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් ඔහු තම ප්‍රථම නිර්මාණය සඳහා රංගනයෙන් දායක කරගෙන තිබුණා.

ඒ වගේම ඔහු කියා සිටියේ ප්‍රධාන චරිතයට අයෙක් තෝරා ගැනීමේදී බොහෝ දේ පිළිබඳව සැලකිලිමත් වූ බවත් ,කටකතා හදාගෙන නොමැති, චරිතවත් රංගන ශිල්පිනියක් තේරූ බවත් එහිදී ඒ සඳහා ශේෂාද්‍රී සුදුසුකම් ලබා ඇති අතර,
ඇය මින් පෙර ටෙලි නිර්මාණයන් සඳහා රංගනයෙන් දායක වී නොමැති රංගන ශිල්පිනියකි. ඉතින් මේ සියල්ලම පිළිබඳ සැලකිලිමත්ව එළි දැක්වූ ඔහුගේ ප්‍රථම නිර්මාණය මේ වන විට විශාල ප්‍රේක්ෂක පිරිසක් වැලදගෙන තිබෙනවා කිව්වොත් නිවැරදියි.
තම කුළුඳුල් අධ්‍යක්ෂණය නිසා වගේම කුළුදුල් පිය පදවිය නිසාත් මේ දිනවල ඉතා සතුටින් කාලය ගත කරන ඔහු කියා සිටින්නේ පසුගිය දිනවල තිබූ කාර්යබහුලත්වය නිසාම තමන් පිළිබඳව, තම ශරීර සෞඛ්‍ය පිළිබඳව සිතීමට ඔහුට අවස්ථාවක් නොතිබූ නිසා කිලෝ 21 කින් පමණ ඔහුගේ බර වැඩි වූ බවත්,
මේ වන විට කිලෝ අටක් පමණ නෙහාරා ගේ උනන්දුව නිසාම අඩු කරගැනීමට හැකි වූ බවයි. නෙලී නිකොලා රාජපක්ෂ නම් තම ආදරණීය සිඟිති දියණිය හා නෙහාරා සමඟ ගත කරන ඔහුගේ සොඳුරු කැදැල්ලට අපි ද ඔවුන්ට සුබ ප්‍රාර්ථනා එක් කර සිටිනවා.








