දෙරණ ගායන වේදිකාවෙන් ගායන තරුවක් බවට පත් වු සුන්දර හෙද නිලධාරිනිය කමනී ලසන්තිකා

දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාව කියන්නේ ගායනයට දස්කම් දක්වන මෙරට සිටින තරුණ පරපුරේ දක්ෂයින්ට ඔවුන්ගේ දස්කම් වැඩිදියුණු කරගනිමින් ඔවුන්ව දක්ෂ තරු ලෙසට පත් කිරීමට සමත් වැඩසටහනක්.
ඉතින් මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ නිසා මෙරට ගායන ක්ෂේත්රයට බිහි වූ අති දක්ෂ තරු ගණනාවක් සිටිනවා. ඒ අතර පෑයූ සුපිරි තාරකාවියක් ලෙස කමනී ලසන්තිකා හඳුන්වන්න පුළුවන්.
ඇය වෘත්තියෙන් හෙට නිලධාරිනියක් වනවා. අසරණ රෝගීන් වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වෙන ඇය. රටේම ආදරය දිනාගත් දක්ෂ ගායන තරුවක් බවට පත් වන්නේ එකී ඩ්‍රීම් ස්ටාර් වේදිකාව හරහා ය.

මේ ඔස්සේ ඇයට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ගොඩ නගා ගැනීමට ඇය සමත් වනවා. සුන්දර නිහතමානී චරිතයක් වන ඇයට සුන්දර කටහඬක් පිහිටා තිබෙනවා.
ගායන හැකියාව නිසා ප්‍රේක්ෂකයා අතරට ගියේ ඒ සුන්දර ගායිකාව වැඩි වශයෙන් මාධ්‍ය ඉදිරියේ දැක ගැනීමට නොහැකි වන්නේ ඇය හෙද වෘත්තීය නිසා කාර්යබහුල වී සිටින නිසයි. ඇය සේවය කරනු ලබන්නේ මහරගම අපේක්ෂා පිලිකා රෝහලේ ය.
හෙද වෘත්තියේ කටයුතු කරනු ලැබුවත් ඇය ආදරය කරන ගායන කටයුතු ද සිදුකරගෙන යනු ලබන බව මතක් කර සිටියා. මෙයට අමතරව කවුරුත් ආදරයෙන් නරඹන දෙරණ නාලිකාවේ විකාශය වන සංගීතේ ටෙලි නාට්‍යයේ ඇසෙන සුන්දර ගීතයක් වන
“තාමත් ආදරෙයි මං” ගීතය ගායනා කරනු ලබන්නේ මේ සුන්දර ලසන්තිකාගේ කටහඬින්ය. සුන්දරත්වයෙන් ද පරිපූර්ණ ගායන තරුවක් ලෙස අපේක්ෂකයාගේ ආදරය දිනාගත් ඒ ආදරණීය හෙදියගේ ලස්සන ඡායාරූප කීපයක් මේ









