මේ දවස් වල කවුරුත් දන්න සුදු චූටි පසුගිය දිනක එයාගේ උපන්දිනය සැමරුවේ මේ විදිහටයි

මෙරට කලාව තුළ අමතක නොවන මතකයන් රැසක් ඉතිරි කළ කලාකරුවන්ගෙන් පිරි පවුලක් ලෙස ෆොන්සේකා පවුල හදුන්වන්න පුළුවන්. එම කලා පවුලෙන් රංගනයට පිවිසි සුන්දර යෞවනියක් ලෙස සෙනාලි ෆොන්සේකා හදුන්වන්න පුළුවන්.
සුන්දර නිරහංකාර චරිතයකින් හෙබි මේ යොවුන් රංගන ශිල්පිනිය මෙරට සිනමාව තුළ කාගෙත් ආවධානයට යොමු සිනමා කෘතියක් වන සිරි පැරකුම් කතා මාලාව තුළින් සෙනාලි ෆොන්සේකා තමන්ගේ රංගන කුසලතාව මෙරට ප්‍රේක්ෂයන් හට ගෙන එන්නට වුනා.
මේ ඔස්සේ ජනප්‍රිය වු ඒ සුන්දර චරිතය අද අපේ රටේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියන් අතර ප්‍රධාන තැනක් ගනු ලබනවා.විදෙස් ගතව බොහෝ කාලයක් රැදි සිටි ඇය මේ වන විට මෙරට රංගන කටයුතු රාශියකට තමන්ගේ රංගන දායකත්වය ලබා දෙන කාර්යබහුල රංගන ශිල්පිනියක් බවට පත් වී තිබෙනවා.

ඇය වර්ථමානය වන විට ප්‍රේක්ෂයා අතර අතිශයින්ම ජනප්‍රියතාවයට පත් වු රංගන ශිල්පිනියක් බවට පත් වන්නට අවස්ථාව උදා වී ඇත්තේ කවුරුත් මේ දින වල අමතක නොකර නරඹන ස්වාර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය නිසාවෙනි.
නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය ඔස්සේ ඇය පණ පොවන සුදු චුටිගේ චරිතය නිසා ඇයට මේ වන විට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළ බව ඇය මතක් කර සිටියේ සතුටිනි.
ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට අමතරව ඇය මේ වසරේ පැවති සුමති ටෙලි සම්මාන උළලේදී ජනප්‍රියම නිළිය බවට පත්වන්නේද ඇය සතු එම රංගන දක්ෂතාවය නිසාවෙනි.

සිනමා කටයුතු රැසක් සදහාද සෙනාලි ෆොන්සේකා මේ වන විට තමන්ගේ රංගන දායකත්ව ලබා දී ඇති අතර ඉදිරියේදි ඇයගේ රංගනයට ආදරය කරන පිරිසට එම ඒවා දැක ගැනීමේ හැකියාව තිබෙනවා.
ඉතින් ඔබ දන්න හදුනන මේ සුදු චුටි පසුගිය දිනක ඇයගේ උපන්දිය සැමරු අතර චාම් ලෙස ඇයගේ උපන්දිනය සමරන්නට වුනා. ඉතින් සෙනාලි එයාගේ උපන්දිය දවසේ ගත්ත ලස්සන ඡායාරූප වලින් කිහියක් තමයි මේ.









