ගොසිප් පුවත්තරු ගොසිප්

පාදයක් අහිමි වුවත් ලාංකීක සිත් නර්තනයෙන් වසග කරන්නට හැකි වු කෝප්රල් සමීර ප්‍රියන්ත

අපේ රටේ කාලයක් පුරා පැවති යු ධමය තත්වට හේතුකොට ගෙන අපේ රටත් ජනතාවත් වෙනුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා කැප වී සේවය කළ සියලු රණවිරුවන් හට ප්‍ර‍ථමයෙන් ආචාරය පුද කර සිටින්නේමු. මුළු මහත් ශ්‍රී ලාංකීක ජනතාවගේම හදවතේ පළමු ගෞරවය හිමි වන්නේ අපේ රටේ සියලු රණවීරුවන් හටය.

අප සියලු දෙනාගේ අද දවස වෙනුවෙන් ඔවුන් එදා කළ කැපකිරීම පිළිබද කියන්නට වදන් නොමැති තරම්ය.  අදටත් එදා ඒ සිදුවීම් වලට මුහුණ දුන් වීරෝධාර රණවිරුවන් පුනුරුත්ථාපනය වෙමින් අප අතර සිටින අතර එවන් සුවිශේෂි රණවිරුවෙකු පිළිබද මැත කාලයේදි බොහෝ දෙනා කතා බහට ලක් කළ කරුණක් වු අතරම පසු ගිය දිනක එහු පිළිබද වැඩි වැඩියෙන් කතා බහට ලක් කරන්නට වුනා.

ඔහු නමින් කෝප්‍රල් සමීර ප්‍රියන්ත වේ. රට වෙනුවෙන් කරපු ඒ කැප කිරීම නිසා 2009 වසරේදි ඔහුට තමන්ගේ දකුණු පාදය අහිමි වන අතර මේ වීරෝධාර රණවිරුවා මුළු මහත් ශ්‍රී ලංකාවම හදුනා ගන්නේ ඔහු තුල සැගවී ඇති නර්තන දක්ෂතාවය නිසාය.

මොහු විවිධ ගීත සදහා දකුනු පාදය ඔහුට අහමි වුවත් එක් පාදයකින් ඔහු දක්වන රංගනය සහ රෝද පුටුවේ සිට ඔහු දක්වන රංගනය සැබැවින්ම මෙරට සිත් තුළ අමතක නොවන චරිතයක් බවට පත් වන්නට විය.

පසුගිය කාලයේ ලෝකය පුරා ජනප්‍රිය වු යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතයට ඔහු දැක්වු රංගනය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙන්ම බොහෝ දෙනාගේ කතා බහට ලක් වු කරුණක් වුනා.

එමෙන්ම පසුගිය දිනක ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශ වු හිත ඉල්ලන තරු වැඩසටහනට මේ කඩවසම් රණවිරුවා ඇතුළු තවත් රණවිරුවන් පිරිසක් සහභාගී වු අතර එහිදි රණවිරු  සමීර ඇතුළු පිරිස දැක්වු රංගනය බොහෝ දෙනාගේ සිත් යම් මොහොතකට නිසක කිරීමට සමත් වු කරුණක් වුනා.

මේ හේතුව නිසාම අද වන විට උතුම් රණවිරුවෙකු සේම දක්ෂ නර්තන ශිල්පියෙකු ලෙසද කොප්රල් සමීර මහතා හදුන්වන්න පුළුවන්. මේ ඔහුගේ ඡායාරූප කිහිපයක්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button