ගොසිප් පුවත්තරු ගොසිප්

අම්මා වගේ ලස්සනට සින්දු කියන, අම්මා වාගේම හැඩට ඉන්න කේ සුජිවාගේ ලොකු දෝණි

අපේ රටේ ගායන ක්ෂේත්‍රයේ වාගේම සංගීත වේදිකාවේ ශ්‍රාවන ප්‍රේක්ෂකයන් අතර අතිශයින්ම ජනප්‍රිය වු සහ ආදරය දිනා ගත් සුන්දර ගායිකාවක් ලෙස කේ. සුජිවා මහත්මිය පෙන්වා දෙන්න පුළුවන්.

ඇයගේ ගීත ගායනා විලාශය ඇයගේ හඩ නිසා ප්‍රේක්ශකයා හට උපරිම විනෝදාස්වාදයක් දීමට හැකි වන සේ ඇයට ගීත ගායනා කිරීමේ හැකියාව ඇත.

දෙවෙනි වරට විවාහ දිවියට පත් ඇය අපේ රටේ දක්ෂ   ගායන ශිල්පියෙක් වන අජිත් මුතුකුමාරණ මහතා සමග විවාහ වන අතර නමුත් ඇය මේ වන  විට ආදරණිය මවක් වන අතර ඇය සිටින්නේ ඇයගේ ආදරණිය දියණියන් දෙදෙනා සමගයි. කේ. සුජිවාගේ වැඩිමහල් දියණිය අංජලි වන අතර දෙවන දියණිය රෝස් වේ.

කේ. සුජිවාගේ වැඩිමහල් දියණිය අංජලි මේ වන විට නව යොවුන් වියේ සිටින සුන්දර තරුණියකි.  ඇයටත් කුඩා කාලයේ සිට තමන්ගේ මව මෙන් වීමට අවශ්‍ය වී තිබුනා. ඇයගේ මුළු ජිවිතයම තමන්ගේ ආදරණිය අම්මා බවත් ඇය ගායිකාවක් වීම නිසා ඇයත් ගායනා ක්ෂේත්‍ර‍යට පිවිසි ඇති බවත් පවසා සිටියා.

ගායනයට වාගේම අංජලි  පෞද්ගලික රුපවාහිනි  නාලිකාවක නිවේදිකාවක් ලෙසද කටයුතු කරනු ලබනවා. මව මෙන් සුන්දර රූ සපුවක් ඇයට ද හිමි වනවා.

මවට මෙන්ම මේ සුන්දර යුවතියට ද ප්‍රේක්ෂක ප්‍ර‍තිචාර ලැබෙන අතර ඇයත්, මවත් ඇයගේ නංගීත් සමග විවිධ විඩියෝ සමාජ මාධ්‍ය ජාලා වලට මුදා හරින නිසා මේ නිසාම ඔවුන්ගේ එම විඩියෝ වලටද හොද ප්‍ර‍තිචාරයක් ලැබෙනවා.

සුන්දර යුවතියක් වන ඇයට මේ වන විට ආදර යෝජනා රැසක් ගලා එන බවත් මතක් කර සිටියා. නමුත් ඇය මේ වන විට පෙම්වතියක් වන බවත් ඒ පිළිබද පසුව පසනවා යැයිද ඇය විසින් කියා සිටියා.

ආදරණිය සුන්දර යුවතියක් වන ඇයටත් ඇගේ මව මෙන් අපේ රටේ දක්ෂ ජනප්‍රිය ගායිකාවක් බවට පත් වීමට හැකි වේවා යැයි ප්‍රේක්ෂක අපි ප්‍රාර්ථනා කරමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button