අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

මුතු මැණික් ඔබ්බවා තම දැතින්ම අලංකාරණය කරන ලද කරඩුන් වහන්සේ නමක් පුජා කළ රුවංගි රත්නායක

නව පරපුරේ කලා ක්ෂේත්රයේ සිටින දක්ෂ, ජනප්රිය, මෙන්ම සුරූපී රුවකට උරුමකම් කියන රංගන ශිල්පිනියක් තමයි රුවංගි රත්නායක කියලා කියන්නේ.

ටෙලි නිර්මාණයන් රාශියක් හරහා ප්රේක්ෂක ආදරය, ආකර්ෂණය ඉතා ඉහළින් දිනා සිටින ඇය සමාජ මාධ්යන් තුල නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.

නිරන්තරයෙන් සියලුම විශේෂ අවස්ථාවන් වලදී ඡායාරූපයන් ලබාගන්න සමාජ මාධ්යට මුදා හැර තම රසික රසිකාවියන් සමඟ බෙදාගන්නා රංගන ශිල්පිනියක් මෙන්ම, නිරන්තරයෙන් අන් අයට උදව් උපකාර කරන, නැති බැරි අයට පිහිට වන, ස

මාජ සත්කාරයන් සිදු කරන රුව මෙන්ම ඉතා සුන්දර හදවතක් හිමි රංගන ශිල්පිනියක වන රුවංගි පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්ය තුළ කතා බහට ලක් වුනේ ඇය විසින් සිදුකර තිබූ තවත් සේවාවක් නිසයි. එය නිකම්ම නිකන් සේවාවක් නම් නොවෙයි.

එය අති විශාල පුණ්යකර්මයක් කිව්වොත් නිවැරදියි. ශ්රී සංඛපාල විහාරස්ථානයේ භාරකාර පූජ්ය කොකාවල කෝසල ස්වාමීන් වහන්සේ විසින් සිදු කළ ඉල්ලීමක් ක්රියාවට නංවමින්

ඇයගේ දෑතින්ම අලංකාරවත් කොට, මුතු මැණික් ඔබ්බවා නිර්මාණය කරන ලද කරඬුවක් මෙලෙස රුවංගි විසින් එම විහාරස්ථානයට පූජා කරනු ලැබ තිබුණා.

ඉතින් බොහෝ දෙනකුට සිදුකිරීමට අදහස් පහළ නොවන මෙවැනි වෙනස්ම ආකාරයේ අති විශාල පුණ්ය කර්මයක් සිදු කිරීමට සිත් පහළවීම පිළිබඳව මේ සුරූපී රංගන ශිල්පිනිය ව අගය කළ යුතු නොවේද.

ඉතින් ඇය විසින් එම කරඬුව හැඩගන්වන අවස්ථාවේ සහ පූජා කරන අවස්ථාවේ ලබාගත් ඡායාරූප පෙළ කුයි අපි අද ඔබවෙත රැගෙන ආවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button