අහුලගත්ත ගොසිප්

‍එයා ආපු නිසා මල්ලිව බලාගන්න අම්මව බලාගන්න මට තිබුණ ලොකු බර ටිකක් අඩුවුණා

දෙමාපිය ආභාෂය ලබමින් සංගීත ක්ෂේත්‍රයට පිවිසි සුන්දර ගායිකාවක් වශයෙන් කාවින්ද්‍යා අධිකාරි හදුන්වන්නට පුළුවන්.

සමිතා මුදුන්කොටුව මහත්මිය ගේ සහ අතුල අධිකාරි මහතාගේ දියණිය වන ඇයට දෙමාපියන් මෙන්ම ඉතාමත් සුන්දර කායික වශයෙන් අද වන විට රටේම ආදරය දිනා ගැනීමට හැකි වී තිබෙනවා.

අද වන විට දක්ෂ ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් වශයෙන් සහ දක්ෂ නිවේදිකාවක් වශයෙන්ද තාත්තා ප්‍රසිද්ධ ඇය සුන්දර රූ සපුවකට හිමිකම් කියන නව යොවුන් වියේ පසුවන තරුණියක් වෙනවා.

පියාගෙන් ඈත් වී තමන්ගේ මව, සහෝදරයා මෙන්ම මවගේ ස්වාමිපුරුෂයා වන සමාජයේ බොහෝ දෙනා කතා  බහට ලක් කරන ලද තරුණයෙක් වන චිරන්ත සමග එකම ගෙදරක ඉතාමත් සුන්දර පවුලක් ලෙස,

අද වන විට ඔවුන් ඉතාමත් සතුටින් කාලය ගත කරනු ලබනවා සමිතා මුදුන්කොටුව මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන චිරන්ත නිරන්තරයෙන්ම පවුල හා සම්බන්ධ සුන්දර වීඩියෝ සමාජ මාධ්‍යයට නිකුත් වනු ලබන අතර,

සමිතා මෙන්ම ඇයගේ ආදරණීය දියණිය දියණිය සහ පුතණුවන් ද මෙම සුන්දර වීඩියෝවල නිරන්තරයෙන්ම දැක ගැනීමට ඇති වෙනවා.

පසුගිය දිනෙක යූටියුබ් සම්මුඛ සාකච්ඡාවක් හා එක්වෙමින් කාවින්ද්‍යා  අධිකාරි  තමන්ගේ මව සහ මවගේ අලුත් සැමියා පිළිබඳ මතකය අවදි කරමින් කරුණු ගණනාවක් කියා සිටියා.

ඇය විසින් එහිදී කියා සිටියේ චිරන්ත ගේ පැමිණීම නිසා තමන්ගේ හිතේ තිබුනු ලොකු බරක්  අඩු වූ බවයි.

උපුටා ගැනීම

චිරන්ත ගැන කියන්න ලොකුම දේකට තියෙන්නෙ එයා අපෙ ගෙදරට ආවට පස්සේ අපේ අම්මා එයා හිටපු කාමරෙන් එළියට ආවා. එයා එහෙම නොවුණ නම් තාම කාමරේ.

අර කැටපිලර් කෙනෙක් බටර්ෆලයි වෙනකං පෙට්ටියක් ඇතුළෙ දාල ඉන්නෙ ඒවගේ කාමරේ ඇතුළෙමයි හිටියේ. කාමරෙන් එළියට එන්නෙම නෑ. ඒක ඇතුළෙම තමා ජීවත්වුනේ.

චිරන්ත නිසා තමයි පොඩ්ඩක් එලියට ඇවිල්ල සාලෙට ඇවිල්ලා වෙනස් වුනෙ. සාලෙටවත් එන් නැහැ කලින්. එයා ආපු නිසා මල්ලිව බලාගන්න අම්මව බලාගන්න මට තිබුණ ලොකු බර ටිකක් අඩුවුණා

උපුටා ගැනීම අවසන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button