ගොසිප් පුවත්තරු ගොසිප්

“හැම අවුරුද්දෙම සුනිල්ගේ උපන්දිනය දවසට මට රු.25000ක් දෙනවා” ප්‍ර‍විණ රංගන ශිල්පී ජයසිරි මහතා පැවසු දේ

ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා කියන්නේ අපේ රටේ ගීත ගායනා ක්ෂේත්‍ර‍ වාගේම සංගීත වේදිකා වල නොමැකෙන මතක සටහන් ඉතිරි කරපු මේ සුන්දර ගායකයා පසුගිය දිනක අප අතරින් සමු ගත්තේ කවුරුත් නොසිතු මොහොතකය.

මෙතුමාගේ හදිසි වියෝ ව නිසා බොහෝ කලාකරුවන් ඔහුගේ මතකයන් අවදි කරනු ලැබුවේ අදටත් මොහු සමග සමීපව කටයුතු කරන බොහෝ කලා ශිල්පීන් පිරිසක් සිටිම නිසයි.

ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා ගැන මතකය අවදි කළ මේ දින වල වැඩි වශයෙන් කතා බහට ලක් වු කරුණක් වුයේ අපේ රටේ ප්‍ර‍විණ රංගන ශිල්පියෙකු වන  W. ජයසිරි මහතා මොහු සම්බන්ධව ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමෙහි අපුරු සටහනක් යොදා තිබු අතර මේ පිළිබද බොහෝ දෙනාගේ අවධානයට යොමු වු කරුණක් වුනා.

ඔහු ඒ පිළිබද සදහන් කලේ මේ ආකාරයටයි.

සැප්තැම්බර් පලමුවෙනිදා ,ඒ කියන්නෙ හරියටම දවස් පහකට ඉස්සෙල්ලා පාන්දර 6.30ට විතර මට ෆෝන්කෝල් එකක් ආවා සුනිල් පෙරේරගෙන්.

”මචං,මට email කරල උඹේ account number එක එවපං. මගේ email එක මතක තියාගන්න හරිම ලේසියි. No problem perera@gmail.com”.මම ඇහුව මොකද මේ හදිසියේම”.

“මගේ birthday එක ළඟ යි නේ”.

සුනිල්,හැම අවුරුද්දෙම එයා ගෙ උපන්දිනය දාට, සැප්තැම්බර් 14දා, “ලොරෙන්සෝ ද අල්මේදා, කොලොම්තොටට යහපත් නාවිකයා.

” ගීතය ලියූ මටත් එහි සංගීතය නිර්මාණය කල කාලෝ විජේසිරිටත් කතෘභාගය හැටියට එක්කෙනෙකුට රුපියල් 25,000 ගානෙ රුපියල් 50,000ක් ගෙවනවා.අපි ඉල්ලල නෙමෙයි, සුනිල්ම හිතල ස්වකැමැත්තෙන් සිදුවන දෙයක්. 2016 අවුරුද්දෙ ඉඳල හැම අවුරුද්දෙම සුනිල් ගෙ උපන්දිනය ඔහු එසේ කරනවා.

මේ ගායන ශිල්පි සුනිල් පෙරේරා කොතරම් නිහතමානි ද යන්න මොහුගේ මෙවැනි යහපත් ගුණාංග තුලින් අපට පෙනේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button