Lak Derana News

ගොසිප් පුවත් · May 15, 2022 · 1 min read · 1 views

වසර 12 සාර්ථකව සංගීත වැඩකටයුතු කරගෙන යන්න හයියක් වුණේ රසික රසිකාවියන්

දෙරණ නාලිකාව ඔස්සේ ගායන තරු තේරීමේ තරගාවලියක් වන දෙරණ ඩ්‍රිම් ස්ටාර් තරග වේදිකාව ඔස්සේ බිහිවූ මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ මේ වන විට සිටින අති දක්ෂ ගායන ශිල්පිනියක් වශයෙන් උපේකා නිර්මාණි සුන්දර ගායිකාව පෙන්වා දෙන්නට පුළුවන්.

ඇය සතු ඇයටම ආවේණික සුවිශේෂී කටහඬ නිසාත් රසික රසිකාවියන්ගේ සිත් වලට ආමන්ත්‍රණය කිරීමට කටහඬක් ද ඇයට හිමි අද වන විට මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත් වී තිබෙනවා.

රූපවාහිනී සංගීත වැඩසටහන්වලට අමතරව ප්‍රසංග වේදිකාව තුළ අද වන විට ඇය නැතුවම බැරි ගායන ශිල්පිනියක් බවට ද පත්වී තිබෙනවා. ඇයගේ ගායන හැකියාවට වඩා ඇයි කාගේත් අවධානයට යොමු වූ චරිතයක් බවට පත් වූයේ ගායනය අතරතුරදී ඇය විසින් එම ගීතයේ තාලයට අනුව විසිල් ගැසීමේ හැකියාවක් ඈ සතු වන නිසයි.

අද වන විට ආදරණීය බිරිඳක් ආදරණීය මවක් වශයෙන් කටයුතු කරන ඇය සුන්දර පවුල් ජීවිතයක් ගත කරනු ලබන කලාකාරිනියක් වනවා. ඇය මේ වන විට තවත් යෙහෙළියන් තිදෙනෙකු සමග කොච්චි බෑන්ඩ් එක පවත්වාගෙන යනු ලබන අතර ඔවුන්ගේ හඬවල් එකතුවෙන් ගායනා රැසක් මේ වන විට රසික රසිකාවියන් වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සංගීත කණ්ඩායමක් අනෙකුත් සංගීත කණ්ඩායමට වඩා විශේෂ වන්නේ මෙය ගායක කණ්ඩායමක් පමණක් වීම නිසයි. ඇයගේ අලුත්ම අදහස් දැක්වීමට අනුව උපේකා පවසා සිටියේය පසුගිය කාලයේ මුළු රටට මුහුණ දීමට සිදුවූයේ වසං ගත කාලයේ ප්‍රසංග ගණනාවක් මගහැරුනු බවත්

මේ වන විට ඇගේ සංගීත ජීවිතය වසර 12 පමණ වන බවත් ඇය ඉතාමත් සාර්ථක ගායන ශිල්පිනියක් වශයෙන් මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ සිටින්නේ රසික රසිකාවියන් තමන්ට හයියක් උන් නිසා බවත්

ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන බවත් මුදල් හම්බ කරනවට වඩා හදවතින්ම ඔවුන් වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කිරීම තමන් විසින් සිදු කරන බවත් ඇය එම අදහස් දැක්වීමේ දී වැඩිදුරටත් පවසා සිටියා.

Related News

Comments

Leave a comment