Lak Derana News

ගොසිප් පුවත් · January 17, 2026 · 1 min read · 2 views

නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා බිරිඳට දුන් භයානක දඬුවම.

තමා නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වන්නැයි’ පවසමින් බිරිඳගේ සිරුරට භූමිතෙල් වත්කර, ඇයට ශරීරයට ගිනි තබා ගැනීමට පෙළඹූ ස්වාමිපුරුෂයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මඩකලපුව, මුණෛක්කාඩු ප්‍රදේශයේදී ඊයේ (17) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුව ඇති බව කොක්කටිචෝලෙයි පොලීසිය සදහන් කරනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුණෛක්කාඩු නාගතම්බිරාන් කෝවිල පාරේ පදිංචි 36 හැවිරිදි අනුෂ්වරන් නැමති කුලී සේවකයෙකි. 

ඔහු එම ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි කාන්තාවක් සමඟ විවාහ වී සිටින අතර ඊයේ උදෑසන 8.30ට පමණ මොවුන් මුදල් සම්බන්ධයෙන් ආරවුලක් ඇති කරගෙන බහින්බස් වී ඇති බව වාර්තා වෙනවා.

පසුව සැමියා විසින් බිරිඳගේ හැසිරීම පිළිබඳව සැක සිතී “ඔබ නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වන්න” යැයි පවසා ඇයට බලකර ඇත.

අනතුරුව ඇගේ සිරුරුට භූමිතෙල් වත්කර, ගිනිපෙට්ටියක් ලබාදී ඇයට ගිනිතබා ගන්නැයි පොළඹවා තිබෙනවා.

ගිනි තබා ගෙන ඇති බිරිඳ පසුව බරපතළ තුවාල ලබා මේ වනවිට මඩකලපුව ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

පසුව සැමියා තියුණු ආයුධයකින් තමාටම හානි කරගනෙ ඇති බව වාර්තා වෙනවා..

කෙසේවෙතත් බිරිඳව ඝාතනය කිරීමට තැත්කිරීම සහ තමාටම තුවාල සිදුකර ගැනීම යන චෝදනා යටතේ කොක්කටිචෝලෙයි පොලීසිය විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන අද (18) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා..

Related News

Comments

Leave a comment