Lak Derana News

ගොසිප් පුවත් · October 02, 2025 · 1 min read · 1 views

කැසිනෝ පැරදුණු නුවර පුද්ගලයෙක් කොළඹ සුපිරි හෝටලයේ කාමරයක දිවි නසා ගනියි

city of dreams sri lanka

අඟහරුවාදා සවස් වරුවේ කොළඹ පිහිටි සිනමන් ලයිෆ් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ සුඛෝපභෝගී හෝටලයේ කාමරයක් තුළ 45 හැවිරිදි පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයා ගැනුනා.

මෙම පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු දින හතරක කාලයක් තිස්සේ ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ හි පිහිටි නුවා හෝටලයේ නවාතැන් ගෙන සිට ඇත.

ඔහුගේ කාමරයේ දොර දිගින් දිගටම වසා තිබීම පිළිබඳව සැක සිතූ හෝටල් කාර්ය මණ්ඩලය විසින් ඒ බව පොලීසියට දැනුම් දී ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් අදාළ කාමරයේ දොර කඩා ඇතුළු වීමේදී ඔහු ගෙල වැලලාගෙන මියගොස් සිටිනු දැක තිබෙනවා.

සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ද මරණයට හේතුව ගෙල වැලලා ගැනීම බවට තහවුරු වී ඇති අතර සියදිවි නසා ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

නමුත්, ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ සංකීර්ණයේ මෑතකදී විවෘත වූ කැසිනෝ ශාලාවේ සූදු ක්‍රීඩාවේ යෙදීමෙන් විශාල මුදලක් පරාජය වීමෙන් අනතුරුව මෙම මරණය සිදුවන්නට ඇති බවට තොරතුරු වාර්තා වන්නේ.

Related News

Comments

Leave a comment