Lak Derana News

ගොසිප් පුවත් · February 02, 2026 · 1 min read · 1 views

අර්චුනා යකා නටයි.. සෙකුරිටිගේ බෙල්ලෙන් හොල්ලා කඩලා දාපු දේ මෙන්න.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් නාරාහේන්පිට පිහිටි “නිල මැදුර” පරිශ්‍රයේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ එහි ආරක්ෂක නිලධාරීන් අතර (02) දිනයේදී නොසන්සුන්කාරී සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

තම අනන්‍යතාව හෙළි නොකර මෝටර් රථයකින් පැමිණි මන්ත්‍රීවරයා, එම වාහනය පරිශ්‍රය තුළට ඇතුළු කිරීමට උත්සාහ කර ඇත. 

නමුත් රථගාලේ ඉඩකඩ සීමිත වීම හේතුවෙන් මන්ත්‍රීවරයාට ගොඩනැගිල්ල අසලින් බැස වාහනය පිටතට යවන ලෙස එහි සිටි ආරක්ෂක නිලධාරියා උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථයේ සිටියේ මන්ත්‍රීවරයකු බව හඳුනා නොගත් නිලධාරියා කළ මෙම දැනුම් දීමත් සමඟ, මන්ත්‍රීවරයා සහ ඔහු සමඟ සිටි කාන්තාව අදාළ නිලධාරියාට බැණ වදිමින් තර්ජනය කර ඇති බව සඳහන්.

වාහනයෙන් බැසගත් රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා ආරක්ෂක නිලධාරියාගේ ගෙලෙන් අල්ලා තර්ජනය කර ඇති අතර, තමාට මන්ත්‍රීවරයකු ලෙස ඕනෑම ස්ථානයකට ඇතුළු වීමට අයිතියක් ඇති බව පවසමින් නිලධාරියා සතු ජංගම දුරකථනය පොළොවේ ගසා විනාශ කර තිබෙනවා.

අනෙකුත් නිලධාරීන් මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ ද, මන්ත්‍රීවරයා දිගින් දිගටම පිරිස ඉදිරියේ අශෝභන ලෙස හැසිරෙමින් තම වාහනය අනෙක් වාහනවලට බාධා වන අයුරින් නතර කර ගොඩනැගිල්ලේ 18 වන මහල වෙත ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් ආරක්ෂක නිලධාරියා විසින් 119 හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත්, සිය අවශ්‍යතාව ඉටු කරගෙන යළි පැමිණි මන්ත්‍රීවරයා, තමා අතින් සිදු වූ වරද පිළිගනිමින් අදාළ ආරක්ෂක නිලධාරියාගෙන් සමාව අයැද ඇති බව වාර්තා වෙනවා.

එහිදී හානි වූ ජංගම දුරකථනය අලුත්වැඩියා කරගැනීම සඳහා රුපියල් 1000ක මුදලක් ද ලබා දී මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

Related News

Comments

Leave a comment