පොළොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවල රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝග තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වෙලා තියෙන්නේ.
වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පූජා නගරය ආශ්‍රිතව ද වඳුරන් සහ රිළවුන් විශාල වශයෙන් සැරිසැරීම හේතුවෙන් මිනිසුන් අතර ද රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි.
එම රෝගී තත්ත්වය මිනිසුන්ට බෝ වීමේ අවදානමක් පැවතුණ ද ජනතාව තුළ ඒ පිළිබඳ නිසි දැනුවත්භාවයක් නොමැත.
නමුත් මෙම ආසාදන සහිත වඳුරන් සහ රිළවුන් නිර්වින්දනය කර සාම්පල ලබාගෙන පරීක්ෂණ සිදුකිරීම මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.












