Lak Derana News

දේශිය පුවත් · May 26, 2025 · 1 min read · 2 views

හෙරොයින් සමග ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන ක්‍රීඩකයෙකු වන ෂෙහාන් මධුසංඛ හෙරොයින්ක් සමග පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස පළවෙනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත.

මීට පෙරද සැකකරු මෝටර් රථයකින් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවත් එම චෝදනාවන් මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි බවත් මෙහිදී පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා.

පොලිසිය සඳහන් කළේ ඔහු තම නිවසේ මත්ද්‍රව්‍ය තබාගෙන ඇතැයි ලද තොරතුරු අනුව නිවස පරීක්ෂා කිරීමේදී ඒවා හමුවූ බවයි.

Related News

Comments

Leave a comment