Lak Derana News

උණුසුම් පුවත් · May 27, 2025 · 1 min read · 1 views

එන්නතක් විෂ වී හිටපු ඇමතිට දින දෙකක් සිහි මුජ්ජා වී සංකූලතාවට පත්ව අසාත්මිකතාවයටත් පත්වෙලා

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කොට දින දාහතරක් ඉක්ම ගොස් ඇතත් මේ දක්වා තමන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත් හිටපු පළාත් සභා ඇමැති ගාමිණී තිලකසිරි පවසනවා.

මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්‍ෂවරයාට දුකථනය හරහා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද අවම තරමේ ඊට කෙටි පණිවිඩයකින් හෝ පිළිතුරු සැපයීමට අධ්‍යක්ෂකවරයා කාරුණික නොවීම විමතියට කරුණක් බව හිටපු ඇමැතිවරයා චෝදනා කර කරන්නේ.

එන්නත ගත් පසු ඇති වූ සංකූලතාවන්ට පත්ව ඇඳෙන් වැටී ඒ මේ අත දඟලද්දී සිරුරේ ස්ථාන කිහිපයකට තුවාල සිදුව තිබූ බවත් ඔහු සඳහන් කරනවා.

තමන්ට ඇතැම් ඖෂධ භාවිතා කිරීමෙන් සංකූලතා සිදුවන බවත් ඒවා භාවිත කළහොත් ආසාත්මිකතාවන්ට පත්වන බවත් ඒ සම්බන්ධයෙන් සෑම වෛද්‍යවරයකුම දැනුවත් කරන අතර ප්‍රතිකාර ලබාගැනීමට පෙර මෙම විශේෂඥ වෛද්‍යවරියවද දැනුවත් කර තිබූ බවයි වාර්තා වන්නේ.

එවන් පසුබිමක අවධානය යොමු නොකර එන්නතක් තමන්ට ලබාදීමෙන් දින දෙකකින් ප්‍රතිකාර ලබා නිවසට පැමිණ අලුත් අවුරුද්ද සැමරීමේ අපේක්ෂාවෙන් රෝහල්ගත වුවද දින පහක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවූයේ රෝහල් කාර්ය මණ්ඩලයේ අත්වැරදීමෙන් බව ගාමිණී තිලකසිරි චෝදනා කරනවා.

මේ අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුපියල් 272,000 මුදලක් රෝහල් ගාස්තු ලෙස ගෙවීමට සිදුවූ බවත් එම මුදල ගෙවා ඇත්තේ ගාමිණී තිලකසිරි ගේ ගිණුම් පවත්වාගෙන යන බැංකුවේ ණය කාඩ්පතින් බවත් ඔහු සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ පවසා ඇත්තේ මෙවැන්නක්,

“රෝහලට ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා නීතිඥවරයකුගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටුව හරහා තමයි පැමිණිලි විභාග කරන්නේ.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත්නම් එම පැමිණිල්ල මේ වනවිට එම විමර්ශන කමිටුවට යොමු කොට ඇත. ඉන් ලැබෙන ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ඉදිරියේදී ලබාදීමට කටයුතු කරනවා.”

Related News

Comments

Leave a comment