Lak Derana News

උණුසුම් පුවත් · May 30, 2025 · 1 min read · 1 views

ඉන්දියාවේ පැතිරෙන කොවිඩ් ආසාදිතයන් ලංකාවෙන් හමුවෙලා – විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහගෙන් ප්‍රකාශයක්

කොවිඩ් ආසාදිතයන්

එලෙස කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස් රෝග විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය සිදු කළ රේණ අනුව ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයේ LF. I සහ NB 1.8.1 නැමති අනු ප්‍රභේද බව තහවුරු කරගත් බවයි වෛද්‍ය ජයමහ පවසා ඇත්තේ.

නමුත් මෙම කොවිඩ් අනුප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ගර්භනී මාතාවන් වැඩිහිටි කාන්තාවන් හා නිධන්ගත රෝගීන් තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු බව ද බවත්, ඒ අනුව ඔවුන්ට මුඛ ආවරණ පැලදීම අත් සේදීම මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල නොගැවසීම ආදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ හැකි බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ සඳහන් කරනවා.

එමෙන්ම කොළඹ වෛද්‍ය පරේක්ෂණ ආයතනය රට පුරා සියලුම පළාත් හා ප්‍රදේශ නියෝජනය වන පරිදි රෝහල් වලින් ලබා ගන්නා සෙම පටල නිරන්තර පරීක්ෂාවට ලක්කරන බවත්, සාමාන්‍යයෙන් මෙම කොවිඩ් නව ප්‍රභේදය ඇතැම් කාලවලදී පැතිර යන අතර ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර ගත යුතු නැති බවත් ඔහු පවසා තිබෙනවා.

– රංජන් කස්තුරි

 

Related News

Comments

Leave a comment