Lak Derana News

සයුරෙන් එහා පුවත් · January 11, 2026 · 1 min read · 1 views

හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නවා – ට්‍රම්ප්

පහසුවෙන්’ නොහැකි නම් ‘අපහසුවෙන්’ හෝ ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නා බව අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් තහවුරු කර තිබේ.

ඔහු පවසා ඇත්තේ ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට තමන් ඉදිරිපත් නොවුණහොත් අනාගතයේදී රුසියාවට හෝ චීනයට එය අත්පත් කරගත හැකි බවය.

“පහසුවෙන් ග්‍රීන්ලන්ත භූමිය අත්පත් කර ගැනීමේ ගිවිසුමට එළැඹීමට නොහැකි නම්, දුෂ්කර ආකාරයෙන් එය කිරීමට සිදුවෙනවා” ට්‍රම්ප් පවසයි.

“ඔවුන් කැමති වුණත් නැතත් අපි ග්‍රීන්ලන්තයේ යමක් කරන්න යනවා. අපි එය නොකළොත් රුසියාව හෝ චීනය ග්‍රීන්ලන්තය අත්පත් කර ගනීවි. අපට රුසියාව හෝ චීනය අසල්වැසියෙක් කරගන්න ඕන නෑ” ට්‍රම්ප් ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට පැවසීය.

කෙසේ නමුත් ග්‍රීන්ලන්ත පක්ෂ විපක්ෂ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, තමන්ට අමෙරිකානුවෙක් වීමට අවශ්‍ය නොමැති බවය.

එමෙන්ම ඩෙන්මාර්ක ජාතිකයෙක් වීමට අවශ්‍ය නොමැති බවත් ඔවුන් පවසයි.

“අපි ග්‍රීන්ලන්ත ජාතිකයන් වීමට කැමතියි. ග්‍රීන්ලන්තයේ අනාගතය ග්‍රීන්ලන්ත ජනතාව විසින් තීරණය කළ යුතුය” අදාළ ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වේ.

ග්‍රීන්ලන්තය ඩෙන්මාර්ක පාලනය යටතේ පවතින රටක් වුවද, එරටට අනන්‍ය වූ ස්වාධීන පාලනයක් එහි ඇත.

ada derana

Related News

Comments

Leave a comment