Lak Derana News

දේශිය පුවත් · October 07, 2025 · 1 min read · 1 views

හුංගම බෝ පසිඳු සහ අනියම් බිරිඳ ඉමේෂා එලොව යැවූ හොඳම යාළුවා – සෙට් එකේම පැටිකිරි එළියට

hungamma bo pasindu

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධවලින් පහරදී සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ‘අදුපැලෑන බිංදු’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන ප්‍රධාන සැකකරු සමඟ අනෙක් සැකකරුවන් සිව්දෙනෙක්.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් සහ අනියම් සබඳතාවක් මෙම ඝාතනයන්ට මූලික හේතුව වී ඇති බවට මේ දක්වා සිදුකර ඇති පොලිස් විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.

අඟහරුවාදා (07) අලුයම මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් මෙම අපරාධය සිදුකර තිබුනා.

මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි ඉමේෂා මධුභාෂිනී සහ ඇයගේ අනියම් පුරුෂයා ලෙස සැලකෙන ‘බෝපසිඳු’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රකටව සිටි 28 හැවිරිදි පසිඳු හේෂාන් නැමැත්තෙක් වන අතර ඔවුන් දෙදෙනා පිළිවෙළින් රන්න සහ තිස්සමහාරාමය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ යුවළ, හුංගම වාඩිගල ප්‍රදේශයේ පිහිටි මිතුරෙකුගේ නිවසක රැඳී සිටින අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

සැකකරුවන් තියුණු ආයුධ ද රැගෙන නිවසට කඩාවැදී ඇති අතර, අපරාධය සිදුවන අවස්ථාවේ නිවසේ හිමිකාරිය ද එහි රැඳී සිටි බව වාර්තා වෙනවා.

මෙහි ප්‍රධාන සැකකරු වන ‘අදුපැලෑන බිංදු’ සහ ඝාතනයට ලක්වූ ‘බෝපසිඳු’ කලකට පෙර ඉතා කිට්ටු මිතුරන්ව සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වූ පසිඳු හේෂාන් නොහොත් ‘බෝපසිඳු’ නැමැත්තා මීට පෙර මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය චෝදනාවලට සම්බන්ධව අත්අඩංගුවට පත්වූවෙකි.

එමෙන්ම , ඔහු පසුගිය වසරේ තමා සමඟ ධීවර රැකියාවේ නිරතවූ යාත්‍රාවේ ප්‍රධානියා ඝාතනය කළ බවටද චෝදනා ලැබ සිටි අයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය එක්ව පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරයි.

Related News

Comments

Leave a comment