Lak Derana News

උණුසුම් පුවත් · January 16, 2026 · 1 min read · 1 views

හිටපු කතානායක අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි

  • ඊයේ (16) රාත්‍රියේ හිටපු කථානායක අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත කර තිබෙනවා.අසෝක රන්වලගේ නිවස ආසන්නයේදීම මෙම අනතුර සිදුවී ඇති බව බියගම පොලිසිය කියා සිටියා.

    කැලණිය බියගම මාර්ගයේ අසෝක රන්වලගේ බිරිඳ පැදවූ මෝටර් රථය නිවසට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී කැලණිය දෙස සිට පැමිණි තවත් මෝටර් රථයක් එම මෝටර් රථයේ ගැටී ඇත.

    අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ රාත්‍රී ආරක්ෂක රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු විසින් අදාළ අනතුර සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබුණි.

    එම අනතුර සිදුකළ අනෙක් මෝටර් රථයේ රියදුරා කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිට ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    අනතුරෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයාගේ බිරිඳ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

Related News

Comments

Leave a comment