Lak Derana News

දේශිය පුවත් · September 30, 2025 · 1 min read · 1 views

සංචාරකයන් ගෙන්නගන්න..? LGBTIQ+ නව ප‍්‍රතිපත්තියත් සමග ලංකාව ගණිකා කලාපයක් බවට…

LGBTIQ+

බුදුදහම මූලික කරගත් දේශීය සංස්කෘතියට ගරු කරන ශ්‍රී ලංකාව වැනි රටක නිර්ලජ්ජිත සම ලිංගික සේවනය ප්‍රචලිත කිරීමට උත්සාහ දරන පුද්ගලයන්ට තරයේම විරුද්ධ වන බවත් මෙරට ගණිකා කලාපයක් නොකරන ලෙස සියලු බලධාරීන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින බවත් ජාතික සාමුහිකයේ ක්‍රියාකාරි සාමාජික ආචාර්ය සුපුන් අනුරුද්ධ ජයසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ, ඇඹුල්දෙණියේ පිහිටි ජාතික සාමුහික ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

“සම ලිංගික ක්‍රියාව සමාජයේ ඉතාමත් අශෝභන ක්‍රියාවක්. සංචාරක කර්මාන්තය ප්‍රගුණ කිරීම සඳහා යම් පිරිසක් විසින් මෙය අර්ථ ගන්වා ඒ හේතුවෙන් අයුතු ප්‍රයෝජන ගැනීමක් තමයි මෙමගින් සිද්ධ වෙන්නේ. අපේ රටේ අහිංසක පවුල්වල දරුවන් තමයි මේවාට බිල්ලට ගන්නේ. අපේ රටේ සාරධර්ම, බුදුදහම පමණක් නොව අනිකුත් ආගම් ද මෙම ක්‍රියාව නිසා පිරිහෙනවා. මෙවැනි අශෝභන ක්‍රියා මෙරට ස්ථාපිත කිරීමට එරෙහිව ලංකාවාසි අප සියලු දෙනාම තරයේම විරුද්ධ විය යුතුයි”

එහිදී ජාතික සාමුහිකයේ විධායක කමිටු සාමාජික වින්දන විදුර කුමාර මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙලෙසින් ,

“2025 වසර සඳහා යෝජනා කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුදකාරි තත්ත්වයක් ඇති වී තිබෙන නිසා ගුරුවරුන් යම් කලකිරීමකට පත්වී සිටිනවා. එය ඉතාමත් කනගාටුදායකයි. ඉතාමත් ගරු සේවයක් ලබාදෙන ගුරුවරයා අගය කළ යුතුයි.”

Related News

Comments

Leave a comment