Lak Derana News

දේශිය පුවත් · October 08, 2025 · 1 min read · 1 views

වහාම ක්‍රියාත්මක වන පරිදි 2025 නොවැම්බර් 30 සිට බස් ගාස්තු ගෙවීම බැංකු කාඩ්පත් මඟින්

bus fares srilanka

වහාම ක්‍රියාත්මක වන පරිදි 2025 නොවැම්බර් 30 වන දින සිට, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

“බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවේ බස් කර්මාන්තය කරන්න බැරි එකට ප්‍රධාන හේතුවක්. බස් එකෙන් එන කිසිම ආදායමක් ගන්න බැහැ ව්‍යාපාරිකයාට. ඒ නිසා ලොකු ඉල්ලීමක් තියෙනවා පුද්ගලික බස්හිමියන්ගේ සංගම්වලින් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ ක්‍රමයක් හදලා දෙන්න කියලා. ගොඩාක් අය වටේ ගිහිල්ලා තිබුණා ට්‍රාන්පෝට් කාඩ් හදන්න. ඒක කරදරකාර වැඩක්, ඒක පරණ වැඩක්. අපි ඒ නිසා බලාපොරොත්තු වෙනවා නොවැම්බර් 30 වෙනකොට ලංකාවේ දැනට බස් ටිකට් යන්ත්‍ර තියෙන බස් එකට ඕනම මගියෙක්ට පුළුවන් තමන්ගේ තියෙන ලංකාවේ භාවිත කරන්න පුළුවන් බැංකු කාඩ්පතක් භාවිත කරලා ටිකට්ක ගන්න.”

Related News

Comments

Leave a comment