Lak Derana News

අහුලගත්ත ගොසිප් · January 26, 2022 · 1 min read · 1 views

ලොකු ලොකු හීන වලට යනවට වඩා හෙමින් ගමනක් යන එක මට වටිනවා.

මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණයන් අතර බොහෝ දෙනෙක් ඉතා ආශාවෙන් නරඹන ටෙලි නිර්මාණයක් වන හිරු නාළිකාවේ විකාශය වන “මහවිරු පන්ඬු” ටෙලි නිර්මාණයෙහි “ගුම්බක බූතා” නම් චරිතය හරහා ඔබ හමුවට එන ඇය

ටෙලි නිර්මාණ ,ගීත රූප රචනා මෙන්ම වෙළඳ දැන්වීම් රාශියකින් ප්රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින වර්තමානයේ රංගන ක්ෂේත්රයේ සිටින අති දක්ෂ, ජනප්රිය රංගන ශිල්පිනී රිතූ ආකර්ශා යි.

මින් පෙර නිතර දක්නට ලැබුණත් මේ වන විට ටෙලි නිර්මාණයන් තුළින් නිතර දක්නට නොලැබෙන ඇය කියා සිටින්නේ මේ වන විට ශ්රේෂ්ත්රයේ නමක් හදාගෙන තිබෙන බැවින්,

ආරාධනා ලැබෙන සියලුම නිර්මාණයන් භාර නොගෙන තෝරා බේරාගෙන ගුණාත්මක භාවයෙන් ඉහළ, යමක් කළ හැකි චරිතයක් පමණක් භාරගන්නා බවයි.

ඒ වගේම ලද දෙයින් සතුටු වන රංගන ශිල්පිනියක වන ඇය වෘත්තියෙන් රංගන ශිල්පිනියක වූ වත්, තෝරා බේරා නිර්මාණයක් බාර ගත්තත් ඒ ලැබෙන මුදල අරපිරිමැස්මෙන් භාවිතා කරන බැවින්, ලැබෙන මුදල ජීවත්වීමට ප්රමාණවත් බව හා ඇය මුදල් පසුපස හඹා යන අයෙකු නොවන බවයි කියා සිටියේ.

ක්ෂේත්රයට පා තබා එක් රැයකින් ජනප්රිය වී පසු දින බැස යන බොහෝ කලා තරු අතර ඉතා දුෂ්කර ලෙස කුඩා තැනින් තම ගමන අරඹා සෙමෙන් සෙමෙන් තම අරමුණ හඹා යමින් ඇය පැමිණි ගමන,

මේ වන විට ජනප්රියත්වයේ හිණිපෙත්තේ රැදෙන රිතූ කියා සිටින්නේ ඇය පැමිණි ගමන් මග දෙස ආපසු හැරී බලන විට බොහෝ සතුටු වන බවයි.

ඒ වගේම ප්රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින ඇය වෙත රසික රසිකාවියන් පැමිණ ඔවුන්ගේ ප්රියතම රංගන ශිල්පිනිය ඇය බව පවසන විට අති විශාල සතුටක් දැනෙන බව හා ඇයගේ ප්රියතම රංගන ශිල්පිනිය ප්රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය බැවින් කෙදිනක හෝ ඇය වැනි රංගන ශිල්පිණියක වීමට සිහින දකින බවයි රිතූ කියා සිටියේ.

තවමත් අවිවාහක ,යොවුන් වියේ පසුවන රිතූ කිසිදිනක ක්ෂේත්රයේ අයකු සමග විවාහ නොවන බව හා හරිම කෙනා මුණගැසෙන තුරු බලා සිටින බවයි කියා සිටියේ.

ඉතින් ඔබ අප කවුරුත් බෙහෙවින් ආදරය කරන සුරූපී රංගන ශිල්පිනී රිතූ ආකර්ෂා ගේ සුන්දර ඡායාරූප කීපයකුයි මේ.

Related News

Comments

Leave a comment