Lak Derana News

අහුලගත්ත ගොසිප් · March 24, 2022 · 1 min read · 1 views

ලංකාවේම ආදරේ දිනාගත් ඉෂි අම්මාගේ සැබෑ ජීවිතය

“මේ ආදරයයි” කියලා කියන්නේ ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා ගනිමින් සිරස නාලිකාවේ වසර ගණනාවක් පුරාවට කොටස් දහස් ගණනක් විකාශය වුණු මෙගා ටෙලි නාට්‍යයකුයි. එහි එන එකිනෙකට වෙනස් විවිධ චරිත අතර

“ඉෂිතා” එහෙමත් නැත්නම් “ඉෂි අම්මා” කියලා කියන්නේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගත්, වැඩි වශයෙන් කුඩා දරුවන්ගේ ආදරය දිනාගත් චරිතය ලෙස හඳුන්වන්න පුළුවන්.

ඉතින් කවුරුත් ආදරය කරන “ඉශිතා”ට රංගනයෙන් දායක වෙන්නේ ඉන්දියානු සුරූපී රංගන ශිල්පිනියක වන දිව්‍යංකා ත්‍රිපති දාහියා විසිනුයි.

ඉතා කරුණාවන්ත, දරුවන්ට බොහෝ ආදරය කරන, අයුක්තිය අසාදාරනය ඉදිරියේ නොනැමෙන, ශක්තිමත් ගැහැණියක වන “ඉශිතා”ගේ චරිත ලක්ෂණ බොහෝමයක් දිව්‍යන්කා ගේ සැබෑ ජීවිතයේ ඇති බවයි අපට දැනගන්න ලැබුණේ.

1984 වර්ෂයේ දෙසැම්බර් මස 14 වන දින මෙලොව එළිය දකින ඇය මේ වනවිට සුන්දර විවාහ දිවියක් ගත කරන අතර ඇයගේ අතගන්නේ “මේ ආදරයයි” ටෙලි නිර්මාණයෙහි “අභිමන්” නම් පොලිස් නිලධාරියාට පණ පොවන කඩවසම් රංගන ශිල්පියා විසිනුයි.

රේඩියෝ හඩ කැවීම් ශිල්පිනියක ලෙස ශේත්‍රයට පා තබා මේ වන විට ලොවක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක දක්වා සාර්ථක,දිගු දුරක් පැමිණ තිබෙන ඇය වැඩිම මිලක් අය කරන ඉන්දියානු රංගන ශිල්පිනියන් අතර ද සිටින බවයි වාර්තා වන්නේ.

ඒ වගේම ඉන්දියානු රූපවාහිනී ඇකඩම් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය කිහිප වතාවක්ම තමන් සතු කර ගැනීමට ද ඇය වාසනාවන්ත වනු ලබනවා.

ඉතින් සුවහසක් ලෝකවාසී රසික, රසිකාවියන්ගේ අප්‍රමාණ ආදරයට පාත්‍ර වී සිටින මේ සුරූපී රංගන ශිල්පිනියගේ සුන්දර ඡායාරූපයන් කිහිපයක් ඇයට ආදරය කරන ඔබ වෙනුවෙන් රැගෙන එන්න අපි සිතුවා.

Related News

Comments

Leave a comment