Lak Derana News

අහුලගත්ත ගොසිප් · January 14, 2022 · 1 min read · 1 views

මේ දින වල වැඩිය දැකගන්න නැති කාංචනා මෙන්ඩිස් එංගලන්තයේ ගෙවන ජිවිතේ

බොහෝ ප්‍රේක්ෂකයන් ඉතා ආසාවෙන් වැළඳගත්, ටෙලි නිර්මාණයන්, සිනමා නිර්මාණයන් රාශියක් හරහා අප්‍රමාණ රසික ආදරයක් දිනා සිටින ඇය මේ දිනවල නම් නිර්මාණය හරහා දක්නට ලැබෙන්නේ නැහැ.

ඇය තමයි බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින අති දක්ෂ, ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පිනී කාංචනා මෙන්ඩිස් කියන්නේ. විවාහයෙන් පසු එංගලන්තයේ පදිංචිව සිටින ඇය මේ වන විට දරුවන් තිදෙනකුගේ ආදරණීය මවක්.

ශ්‍රී ලාංකීය කලාවට අප්‍රමාණ සේවයක් ඉටු කළ ඇය ගේ විදේශගත වීමත්, විවාහයෙන් පසු රංගනයෙන් ඉවත් වීමත් ලාංකීය සිනමාවට සිදු වූ විශාල පාඩුවක් කිව්වොත් නිවැරදියි.

ළමයින්ගෙ පාසල් නිවාඩුවට පවුල පිටින් ඇවිත් යන්න ලංකාවට පැමිණෙන ඇය මාසයක් පමණ ලංකාවේ ගත කර නැවතත් එංගලන්තයට පිටත්ව යන බවයි කියා සිටියේ.

ගෘහණියක ලෙස ඉතා කාර්ය බහුල දිවියක් ගත කරන කාන්චනා ගේ නිවෙසේ සියලු වැඩ කටයුතු ඉටු වන්නේ ඇයගේ අතින් බවත් උදෙන්ම සැමියා රැකියාව සඳහා පිටත්ව ගිය පසු,

වැඩිමල් දරුවන් දෙදෙනා පාසල් ගිය පසු නිවසේ ඇය හා බාල පුතු පමණක් ඉතිරි වන බැවින් ඉන් පසු මද විවේකයක් ලැබෙන බවයි කියා සිටියේ.

කලාවට, රංගනයට තවමත් බෙහෙවින් ඇලුම් කරන නමුත් දරුවන්ගේ සහ නිවසේ වැඩ කටයුතු සඳහා කාර්ය බහුලව සිටින ඇයට ඒ සඳහා කාලයක් නොමැති බවයි කියා සිටියේ.

ඒ වගේම වර්තමානයේ ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රයේ සිටින රංගන ශිල්පීන්, ශිල්පිනියන් වන හිමාලි සයුරංගි, තාරුකා වන්නිආරච්චි, තුමිදු දොඩන්තැන්න වැනි රංගන ශිල්පීන්, ශිල්පිනියන්ගේ රංගනයන් බෙහෙවින් අගය කරන කාංචනා කියා සිටියේ,

ඇගේ ප්‍රියතම රංගන ශිල්පීන්, ශිල්පිනියන් ඔවුන් බවයි. ඉතින් අප කවුරුත් බොහෝ ආදරය කරන නමුත් මේ දිනවල දක්නට නොලැබෙන අති දක්ෂ ,ජනප්‍රිය රංගන ශිල්පිනී කාංචනා මෙන්ඩිස් ගේ සුන්දර ඡායාරූප එකතුවකුයි මේ.

Related News

Comments

Leave a comment