Lak Derana News

අහුලගත්ත ගොසිප් · January 17, 2022 · 1 min read · 1 views

“මම හද්දා ගමේ අනුරාධපුරෙන් ආවේ” රඟපාන්නෙ ආසාවට

බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ “සිදූ” ටෙලි නිර්මාණයෙහි “රෙජි” නම් චරිතය හරහා, “ගිරිදේවි” ටෙලි නිර්මාණයෙහි “සෝමේ” නම් චරිතය හරහා, “මෙට්‍රොහීන” ටෙලි නිර්මාණයෙහි “ඤාණදාස” නම් චරිතය හරහා,

“පානාමංකඩ” ටෙළි නිර්මාණයෙහි “කුදා” නම් චරිතය හරහා ,“වලවෙට්ටුවා” ටෙලි නාට්‍යයෙහි “ගාමිණී” නම් චරිතය හරහා… මෙන්ම නිර්මාණයන් රාශියක් හරහා එකිනෙකට වෙනස් වූ චරිතයන් මගින්,

ඔබ හමුවට පැමිණි ඔහු අති දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම පිටපත් රචකයෙක් ද වන දක්ෂ, ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පී සමන්ත ගමගේ යි.

වැඩි වශයෙන් කලු චරිතයන්ට රංගනයෙන් දායක වී ඇති ඔහු එකිනෙකට වෙනස් විවිධාකාර වූ චරිතයන්ට ජීවය එක්කර ඇති ක්ෂේත්‍රයේ සිටින අතිදක්ෂ රංගන ශිල්පියකු ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

“ගිරිදේවි”,”පානාමංකඩ”…වැනි බොහෝ ප්‍රේක්ෂකයින් ඉතා ආදරයෙන් වැලඳගත් නිර්මාණයන් රාශියක පිටපත් ඔහුගේ දෑතින් රචනා වී ඇති අතර ඔහු නිරන්තරයෙන් දේශීය දේ අගයන,

දේශීයත්වයට මූලිකත්වය දෙන නිර්මාණ ශිල්පියෙක් කිව්වොත් නිවැරදියි. නර්තන කලාව හදාරා නොමැති ඔහු “පානාමංකඩ” ටෙලි නිර්මාණය වෙනුවෙන් කොහොඹා කංකාරිය… වැනි බොහෝ පොත පත පරිශීලනය මෙන්ම,

ඒ පිළිබඳව බොහෝ දෙනාගෙන් දැනුම එක්රැස් කරගත් බවයි කියා සිටියේ. එලෙසට වෙහෙස මහන්සි වී, කැපකිරීම් කර ඔහු නිර්මාණය කළ සියලුම නිර්මාණයන් ප්‍රේක්ෂකයින් ඉතා ආසාවෙන් වැලඳගත් බැවින් ඔහුගේ මහන්සිය අපතේ ගොස් නොමැති බව ඔබත් පිළිගනු ඇති. ශ්‍රී ලාංක…

Related News

Comments

Leave a comment