Lak Derana News

තරු ගොසිප් · September 29, 2025 · 1 min read · 1 views

මම ලොකු අම්මා වෙලා නංගිගේ දරුවව සුරතල් කරනවා..

ඇය ගැන දැනගන්න බොහෝ දෙනා කැමැත්තෙන් ඇති.

ටෙලි තිරයේ කා අතරත් ජනප්‍රිය ඇයගෙන් මේ දවස්වල කාගේත් නෙත් වසඟයට ගත්ත තාරකාවක් වෙලා.

ටනාෂා හතරසිංහ, කාගේත් ආකර්ශනය දිනාගත්ත සුරූපී ඇය ගැන මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්. හතරසිංහ පවුලට ආව පුංචි සුරංගනාවියත් එක්ක ආදරණීය කාලයක් ගෙවන ඇය මෙන්න මේ විදිහට පුවත්පතකට අදහස් දක්වමින් කියා තිබුණා.

නිදහස් වෙලාවට ජීවිතය ගෙවන්න කැමැති මොන විදිහටද ?

රඟපෑම ඇරුණහම ජීවිතයේ මම කැමැතිම දේ පවුලෙ වැඩකටයුතු කරගෙන ගෘහණියක් විදිහට කටයුතු කිරීම. රංගන කටයුතු නැති හැම අවස්ථාවකදිම උයලා පිහලා ගෙවල් අස් කරලා පිළිවෙළට පිරිසුදුව තියාගැනීම මම කරනවා.

ටනාශා මේ දවස්වල ලොකු අම්මා කෙනෙක්වෙලා දරු සුරතල් බලනවා කියලා ආරංචියි?

ඔව්. මගේ චූටි නංගි අම්මා කෙනෙක් වුණා. ඒත් එක්ක මම ලොකු අම්මා වෙලා නංගිගේ දරුවව සුරතල් කරනවා.

ටනාශගේම දරුවෙක්ව සුරතල් කරන්නෙ කවදද?

සැමියත් මමත් දැන්මම දරුවෙක් හදන්න සූදානම් නැහැ⁣. දරුවෙක් හදනවානම් දරුවා වෙනුවෙන් කාලය සහ අවධානය සම්පූර්ණයෙන් ලබාදෙන්න ඕන. එවැනි වාතාවරණයක් නැතුව දරුවෙක් ලෝකෙට ගේන එක දරුවෙක්ට කරන අසාධාරණයක් විදිහටයි මම දකින්නෙ. ඒ නිසා අපේ කාර්යබහුල ජීවිතයේ වැඩකටයුතු අඩු කරගෙන තව අවුරුදු තුනකින් විතර දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙනවා.

 

No photo description available.

May be an image of 1 person and smiling

Related News

Comments

Leave a comment