Lak Derana News

අහුලගත්ත ගොසිප් · January 27, 2022 · 1 min read · 1 views

මං කැමතියි එක ක්ෂේත්‍රයකින් පමණක් ප්‍රවීනයෙක් වෙන්න තිලි ෆර්නෑන්ඩු

අද වනවිට අපේ රටේ කලා ක්ෂේත්රයේ මෙන්ම නිරූපණ ශිල්පීය ද ඉතාමත් ඉහළින් තිබෙන අතර නවකයින් රැසකගේ සම්ප්රාප්තියත් සමග කලා කලා ලෝකය මෙන්ම නිරූපණ ක්ෂේත්රය තුළ ද බොහෝ ජනප්රිය චරිත ගණනාවක් මේ වන විට අපේ රටේ ප්රේක්ෂක ජනතාව හඳුනා ගෙන සිටිනවා.

මෙරට කලා ශිල්පය හා සමගාමීව නිරූපණ ක්ෂේත්රය ද වර්ධනය වී ඇති අතර නවක නිරූපණ ශිල්පීන් මෙන්ම ශිල්පිනියන් ගණනාවක් මේ වන විට තම ජනප්රියත්වය ඉතාමත් ඉහළින් රඳවාගෙන සිටීමට සමත් වී ඇති අතර,

එවැනි වෘත්තීමය නිරූපණ ශිල්පිනියක් වශයෙන් අද වන විට සමාජ මාධ්ය තුළ නිරන්තරයෙන් සැරිසරන බොහෝ දෙනාගේ අවධානය යොමු වූ තැනැත්තියක් වශයෙන් තිලි ෆ්රනෑන්ඩු හඳුන්වන්නට පුළුවන්.

උඩරට මනමාලීයක් සේ හැඩගැන්වීම් කටයුතුවලට සම්බන්ධ වී නිරූපණ ශිල්පිනියක් වශයෙන් ක්ෂේත්රයට පිවිසි ඇය අද වෙන විට නිරූපණ ක්ෂේත්රය තුළ ඉතාමත් ජනප්රිය ශිල්පීන් බවට පත් වී තිබෙනවා.

නිරූපණ ක්ෂේත්රය තුළ නිර්මාණ තුන්සියයකට අධික ප්රමාණයකට මේ වන විට තම නිරූපණ හැකියාව පෙන්වමින් ඉදිරිපත්වීමට ඇයට අවස්ථාව උදා වී ඇති අතර,

ඇය සතු සුන්දර සරාගී ප්රියමනාප පෙනුම හේතුවෙන් එයට ලැබෙන ප්රතිචාර ඉතාමත් ඉහළ තත්ත්වයේ පවතින අතර සමාජ මාධ්ය තුළ මේවන විට ප්රසිද්ධ නිරූපිකාවක් වශයෙන් බොහෝ දෙනා හැඳින ගෙන සිටිනවා.

විවිධ ආකාරයේ වෙලා සිතා වලින් හැඩ වී නිරූපණ කටයුතු සිදුකරන ඇය පසුගිය දිනක කාඩ් පැක් වලින් නිර්මාණය කරන ලද ඇඳුමකින් සැරසී සහභාගීවූ ඡායාරූප පෙළ බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ අතර,

ඉතාමත් සුන්දර ඡායාරූප පෙලක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. වෘත්තීය වශයෙන් නිරූපණ ක්ෂේත්රය තුළ ඉදිරියට යමින් ප්රවීණ නිරූපණ ශිල්පිනියක් වීමේ තිලි ෆ්රනෑන්ඩු සතු අරමුණ ඒ අයුරින්ම සාර්ථක කර ගැනීමෙන් එම ක්ෂේත්රය තුළ ඉදිරියට යාමට ඇයට හැකිවේවා යැයි අපි ප්රාර්ථනා කරමු.

Related News

Comments

Leave a comment