Lak Derana News

දේශිය පුවත් · September 28, 2025 · 1 min read · 1 views

පොළොන්නරුවේ රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝගයක් මිනිසුන්ට බෝ වීමේ දැඩි අවදානමක්

polonnarruwa gal viharaya monkeys

පොළොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවල රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝග තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වෙලා තියෙන්නේ.

වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පූජා නගරය ආශ්‍රිතව ද වඳුරන් සහ රිළවුන් විශාල වශයෙන් සැරිසැරීම හේතුවෙන් මිනිසුන් අතර ද රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි.

එම රෝගී තත්ත්වය මිනිසුන්ට බෝ වීමේ අවදානමක් පැවතුණ ද ජනතාව තුළ ඒ පිළිබඳ නිසි දැනුවත්භාවයක් නොමැත.

නමුත් මෙම ආසාදන සහිත වඳුරන් සහ රිළවුන් නිර්වින්දනය කර සාම්පල ලබාගෙන පරීක්ෂණ සිදුකිරීම මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.

Related News

Comments

Leave a comment