Lak Derana News

අහුලගත්ත ගොසිප් · January 12, 2022 · 1 min read · 1 views

පියාට ශක්තියක් වෙමින් යතුරු පැදි අලුත්වැඩියා කරන එකම පවුලේ පිරිමි දරුවන් 5 දෙනා

මේ කියන්නට යන්නේ අපේ රටේ ගාල්ල ප්‍රදේශයේ ජීවත්වන ආදරණීය දක්ෂ පුංචි පවුලක් ගැනයි. අපි මේ කතා කරන පවුලේ දරුවන් පස් දෙනෙකු සිටින අතර

ඔවුන් පාසල් වයසේ පසුවන දරුවන් වන අතර අධ්‍යාපන කටයුතු සිදු කර ගනිමිනි තමන්ගේ දෙමාපියන්ට දෙමාපියන් ට සහය වන මේ සුවිශේෂී දරුවන් පිළිබඳවයි මේ විස්තරය.

තමන්ගේ පියාගේ රැකියාව වශයෙන් සිදු කරනු ලබන්නේ යතුරුපැදි අලුත් කිරීම වෙන අතර පියාට සහයක් වෙමින් මේ දරුවන් පස්දෙනා ඉතාමත් දක්ෂ ලෙස යතුරු පැදි යතුරුපැදි අලුත්වැඩියා කටයුතු කරන ආකාරය දක්නට හොඳින් ම දක්නට ලැබෙනවා.

අවුරුදු විසි හතක් පුරාවට සිදු කරනු ලබන මෙම යතුරුපැදි අලුත්වැඩියා කටයුතු වලට අමතරව යතුරුපැදි වර්ණ ගැන්වීම ආදි සියලු කටයුතු මෙම ස්ථානයේ සිදු කරනු ලබනවා.

මෙම පවුලේ වැඩිමහල් දරුවාට අවුරුදු 21 පමණ වන අතර ඔහු 1 වසරේ සිටම පියා හා සම්බන්ධ වෙමින් මේ අකාරයෙන් කටයුතු රකන බව අදහස් දැක්විමකදි තියා තිබුනා.

මේ සියලු කටයුතු සිදු කිරීමේදී මේ ආදරණීය පියාට තම දරුවන් පස් දෙනාගෙන් හිමිවන්නේ ඉතාමත් ලොකු සහයක් වන අතර පිරිමි දරුවන්ම පස් දෙනකු සිටින නිසා මේ පියාට ඉතාමත් හොඳ ශක්තියක් වී තිබෙන බව ඔවුන්ගේ කඩිසර වැඩ වලින් දක්නට ලැබෙනවා.

පියා සමගම දිගින් දිගටම කටයුතු කිරීම නිසාම යතුරුපැදි අලුත්වැඩියා කටයුතු පමණක් නොව ත්‍රීරෝද රථ සම්බන්ධ සියලු අලුත්වැඩියා කටයුතු සිදුකිරීමේ හැකියාව ද එම දරුවන් පස්දෙනා සතු වනවා.

පියාගේ අඩි පාරේ යමින් මෙම පිරිමි දරුවන් පස්දෙනා ඒ කරනු ලබන මෙම කාර්‍යයන් සැබැවින්ම අගය කළ යුතු අතරම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගනිමින් දිරිමත් තරුණයන් වශයෙන් අනාගතයේ දී ඔවුන් සමාජයට එක් වනු ලබන අතර ඔවුන්ගේ අනාගතය සාර්ථක වේවා යැයි අපි ඔවුන් වෙනුවෙන් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

මොවුන්ගේ අනාගතය තවත් සාර්ථක කර ගන්නට මේ දරුවන් 5 දොනට ශක්තියක් වීමට හැකි කෙනෙකු සිටිනම් සැබැවින්ම අනාගායේදි අපේ රටට වටිනා වැඩදායි දරුවන් පිරිසක් මොවුන් අතරින් බිරි කර ගැනීමට හැකි වේවි.

Related News

Comments

Leave a comment