Lak Derana News

දේශිය පුවත් · October 06, 2025 · 1 min read · 1 views

පෑනක හැඩේට නිෂ්පාදනය කළ ගිනි අවියක් ලංකාවෙන්

firearm

පෑනක හැඩයට සැකසූ විදේශීය රටක නිෂ්පාදනය කරන ලද අර්ධ ස්වයංක්‍රීය අවියක්, ඊට යොදන ජීව උණ්ඩ දෙකක් සහ පාවිච්චි කරන ලද උණ්ඩ පහක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මාපලගම ප්‍රදේශයේදී පදිංචි අවුරුදු 23ක සැකකරුවෙක්.

එමෙන්ම මීට පෙර ද මෙම සැකකරු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට ඇත.

ඔහුට මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ඇති බව ද වාර්තා වෙනවා.

සැකකරු බද්දෙගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related News

Comments

Leave a comment