Lak Derana News

සයුරෙන් එහා පුවත් · October 17, 2025 · 1 min read · 1 views

ප්‍රහාරයකින් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මිය යයි – T20 තරගයෙන් කණ්ඩායම ඉවත් වෙයි

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා.

පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනායි.

ඔවුන් ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණි අතරතුර මෙම ප්‍රහාරයට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දැක්වීමක් ලෙස ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමගින් නොවැම්බර් මස පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වන බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් එරට සිවිල් වැසියන් 5 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Related News

Comments

Leave a comment