Lak Derana News

අහුලගත්ත ගොසිප් · February 18, 2022 · 1 min read · 1 views

පවුලට එක් වුන අලුත් අමුත්තා එක්ක උදේශ් දැන් ගෙවන ආදරණිය ජිවිතේ

යෞවනයේ සිහින තරුවක් ලෙස අභිෂේක ලැබූ ප්රෙක්ෂක සිත් අමන්දානන්දයට පත්කළ ගායන ශිල්පියෙක් ලෙස උදේශ් ඉන්දුල හඳුන්වන්න පුළුවන්.

තම රසිකයන් වෙනුවෙන් නිර්මාණ රැසක් තිළිණ කළ ඔහු දෙරණ ඩ්‍රීම් ස්ටාර සිහින වේදිකාවේ සිහින තරුව කිරුළ හිමි කර ගැනීමට සමත් විය.

ඔහුගේ මියුරු හඬ ප්‍රේක්ෂක සිත් වසඟයට ගැනීමට සත් විය. ඉතිං අද ඔහු ගැන අදහස් දක්වූයේ මෙවන් ආකාරයටයි. අවුරුදු දෙකකට පසු අප්‍රේල් මාසය වන විට නව නිර්මාණයකින් ප්‍රෙක්ෂක හමුවට එන බවත්,

මේ දවස්වල එහි වැඩ කටයුතු මේ දවස්වල කරගෙන යන බවත් ඔහු අප සමඟ කියා සිටියා. ඒවගේම සාරෝ නමින් සංගීත කණ්ඩායමක් කරගෙන යන බවත් වැඩිපුරම ගීත ගායානා කරන්නේ වෙඩින් වල බවත් කියා සිටියා.

තම ප්‍රේක්ෂකයන්ට වටිනා නිර්මාණ තිළිණ කිරීම ගැන ඔහු අදහස් දැක්වූයේ මේ විදිහටයි. ඉක්මනින් අසාර්ථක නිර්මාණයක් කරනවට වඩා මේ අවුරුදු දෙක ඇතුළේ මම කලින් කරපු නිර්මාණ ප්‍රේක්ෂකයො රස විඳින එක වටිනවා.

මම නිර්මාණ කරන්නෙ ජනප්‍රිය වෙන්න මිසක් ප්‍රසිද්ධ වෙන්න නෙවෙයි. මට ප්‍රසිද්ධ වෙන්න අවශ්‍ය වුණේ නැහැ. කල් අරන් මිනිස්සුන්ගේ ඔළුවේ රැඳෙන නිර්මාණයක් කරන එකයි වැදගත්.

අදටත් මම වේදිකාවට ගියාම මිනිස්සු වැඩිපුරම ඉල්ලන්නෙ මම අවුරුදු ගාණකට කලින් කියපු “ළංවෙලා හිම සීතේ” ගීතය යනුවෙන් හු අපත් සමඟ කියා සිටියා.

ඒ වගේම ඔහුගේ සොඳුරු කැඳැල්ලට එකතු වුණු අලුත් අමුත්තා වන ඔහුගේ ආදරණීය පුතණුවන්වන වර්ණ විභූත් සමඟ ඉතා ආදරණීය ලෙස කාලය ගත කරන අතර.

මේ වෙනකොටඔහු ඔහු මාධ්‍ය ලේකම්වරයෙක් විදිහටත් වැඩකරගෙන යන අතර කලාකරුවෙක් විදිහට රට වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් ලොකු සේවයක් කරන්න ලැබුණු මේ අවස්ථාව ගැන ඔහු ඉමහත් සතුටට පත්වන අතර,

මේ දිනවල ඔහු ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන මඟින් නිවෙසේ සිට දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ ජාතික කර්තව්‍යට සම්බ්න්ධ වීමට හැකිවීම ගැන සතුටුයි කියලයි ඔහු පැවසුවේ.

Related News

Comments

Leave a comment