Lak Derana News

දේශිය පුවත් · September 29, 2025 · 1 min read · 1 views

නොබෙල් තෑග්ග කිවුවේ වැරදිලා.. ගිනස් වාර්තාවක් තිබ්බේ

sunil handunneththi

ජපානයේ පැවති වෙන්දේසියකදී මෙරට තේ කිලෝවක් සඳහා වාර්තාගත මුදලක් නියම කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඔහු කියා සිටියේ, ගිනස් වාර්තාවක් යන්න වෙනුවට තමන් විසින් අතපසුවීමකින් නොබෙල් තෑග්ග ලෙස සඳහන් වූ බවත් එය හිතා මතා සිදු කරන ලද්දක් නොවන බවත්ය.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කළ අතර අනතුරුව එම වීඩියෝව උඩුගත කර විනාඩි කිහිපයකින් එයද ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Related News

Comments

Leave a comment