Lak Derana News

අහුලගත්ත ගොසිප් · January 03, 2022 · 1 min read · 1 views

නව වසරේ සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද දාපු අලුත්ම සැලොන් එක

වර්තමානයේ බොහෝ දෙනෙක් කතා කරන්න අකමැතිම මාතෘකාව මොකද්ද ඇහුවොත් වැඩි පිරිසකගේ මුවින් පිටවන වචනයක් තමයි දේශපාලනය කියලා කියන්නේ.

කෙසේ නමුත් අප රටේ කවුරුත් හඳුනන ආදරයට මෙන්ම ගැරහීම් වලටත් එක හා සමානව ලක්ව සිටින දේශපාලඥයන් අතරට වත්මන් විපක්ෂ නායක තුමන් වන සජිත් ප්රේමදාස මහතාවත් තැබිය හැකි බව එදිනෙදා සමාජ මාධ්ය තුළ මෙන්ම රූපවාහිනි මාධ්ය තුළින් ද අපට අසන්නට දකින්නට ලැබෙන දේවල් තුළින් පසක් වනවා.

ඉතින් දැන් අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔහු ගැන නම් නොවෙයි. ඔහුගේ ආදරණීය සුරූපී බිරිඳ ජලනි ප්රේමදාස මහත්මිය ගැනයි.

පසුගිය දිනක ඇය විසින් “සැලෝන් ජාල්” නමින් සුඛෝපභෝගී රූපලාවණ්යගාර සත්කාරක මධ්යස්ථානයක් කොළඹ මෙට්ලන්ඩ් ක්රිසන්ට් හීදී විවෘත කරනු ලැබුවා.

ඉතින් එහි සමාරම්භය රූපලාවන්යාගාරය තුළ පසුගිය 14 වන දින විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මෙන්ම ඔහුගේ දේශපාලන හිත මිතුරන් වන රෝසි සේනානායක මහත්මිය, හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මිය, කුමාර් සංගක්කාර මහතා… ඇතුළු ජනප්රිය ,ප්රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙක් සහභාගීවී තිබුණා.

ඉතින් මේ “සැලෝන් ජාල්” රූපලාවණ්යාගාරය විවෘත කිරීමේ සුන්දර කටයුත්තේ ඡායාරූප ඉතා මනරම් අයුරින් කැමරා කාචයට හසුකර ගෙන තිබුණේ ජනප්රිය, අතිදක්ෂ, බොහෝ දෙනෙක් හඳුනන කැමරාකරණ ශිල්පියකු වන,

ඉරාජ් වලිසිංහ ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් එහිදී ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් ඔබට දැකබලා ගන්න පුළුවන්.

Related News

Comments

Leave a comment