Lak Derana News

අහුලගත්ත ගොසිප් · February 05, 2022 · 1 min read · 1 views

නලු උණ හිතේ මෝරලා ටිකක් දරුණු තත්වෙට ඇවිල්ල තිබුනේ

සංගීත් ප්‍රභූ යන නමට වඩා කවඩියා යන නමින් අද වන විට ප්‍රේක්ෂක ආදරය ඉතාමත් ඉහළින් දිනා ගැනීමට සමත් වු මේ තරුණ රංගන ශිල්පියා රංගනයේදි විවිධ චරිත හොබවමින් ප්‍රෙක්ෂකයා හමුවට පැමිණි අතර,

ඔහු වඩාත් ප්‍රෙක්ෂක ආදරය දිනා ගැනීමට සමත් වුයේ ස්වර්ණවාහිනි කනාලිකාවේ විකාශය වන ‌නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කවඩියා නිසාවෙනි.

කවඩියා චරි.තය ඔස්සේ ඉතාමත් ජනප්‍රිය වු මොහුට කුඩා කාලයේ සිටම රංගන ශිල්පියෙකු වීමේ සිහිනය ඇතිව සිටි අයෙකු වන අතර,

සල් සපු නා නාට්‍යයේ නිල්හාන්ගේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට යන මොහු අද වන අපේ රටේ සිටින දක්ෂ කඩවසම් යොවුන් රංගන ශිල්පියෙකු වී හමාරයි.

රංගන ශිල්පියෙකු වීමට තමන් සතු වු හිනය පසක් කර ගන්නට හැකි වු මේ තරුණ රංගන ශිල්පියා අද වන විට ව්‍යපාරිකයෙකු වන අතර ඔහුට සැලුන් ඒකක් මෙන්ම ඇදුම් ‌අලෙවිසැලක් ද තිබෙනවා‍.

පළමු රැකියාව ලෙස වෙස් මුහුණක් පැළද පාරේ නටන්නට සිදු වු මොහු අද වන විට සිටිනා ස්ථානය පිළිබද සැබැවින්ම ඔහුගේ ඒම කැපවීම කොතරම්ද යැයි පෙන්නුම් කරනු ලබනවා.

ඉතාමත් කටුක අත්දැකීම වලට මුහුණ දෙමින් තමන්ගේ නළු හීනය වෙනුවෙන් කැපවුන මේ දක්ෂ තරුණයා අද අපේ රටේ සියලුම දෙනා දන්නා හදුනන, කවුරුත් ආදරය කරන ඉතාමත් සුන්දර කඩවසම් යොවුන් රංගන ශිල්පියෙකු බවට පත් වී තිබෙනවා.

රංගන සිහිනය වෙනුවෙන් කැප වී කටයුතු කල අද වන විට ඒම සිහිනය සැබැ කර ගත් මේ යොවුන් දක්ෂ රංගන ශිල්පියාගේ ඉදිරි රංගන ජිවිතය ඒඅයුරින්ම සාර්ථක කර ගැනීමට ඔහුට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.

Related News

Comments

Leave a comment