Lak Derana News

අහුලගත්ත ගොසිප් · January 01, 2022 · 1 min read · 1 views

නලීන් පෙරේරාගේ දියණිය ස්වේතා පුදුම කරමින් පෙම්වතා කළ විවාහ යෝජනාව

කණ්ඩායම් සංගීතය කිව්වම බොහෝ දෙනෙකුට මුලින්ම මතකයට නැගෙන නාමයක් තමයි “මේරියන්ස්” කියල කියන්නේ. “මේරියන්ස්” කිව්වම මතකයට නැගෙන්නේ එහි මුදුන් මුල වන නලීන් පෙරේරා වයි.

ඉතින් බොහෝ දෙනෙක් ඉතා ආදරයෙන් වැළඳ ගෙන සිටින නලින් පෙරේරාට බොහෝ සුන්දර, අහිංසක සුරූපි දියණියක් සිටින බවට නොදන්න කෙනෙක් නැති තරම්. ඇය නමින් ස්වේතා යි.

ඇය තම නමට සරිලන ඉතා නිහතමානී, නිරහංකාර, ගුණ යහපත් ගති පැවතුම් ඇති ත්‍යාගශීලී තරුණියක බවයි නලින් පෙරේරා කියා තිබුණේ.

ඒ වගේම ඇයට මුහුණ දීමට සිදුව ඇති දුක් ගැහැට නිසාම පමණට වඩා මුහුකුරා ගොස් ඇති බවත්, පවුලේ ප්‍රශ්න නිසාම දුක් විඳින තම දියණිය සහ පුතු නිසාම තම පවුලෙන් ඈත්ව වසර තුනක් පමණ තම මව සමඟ ජීවත් ව ඇති නලින් පෙරේරා

නැවතත් තම පවුල සමඟ සම්බන්ධ වීමට තීරණය කළ බවත් එකල ඔහු පිළිබඳව දියණිය නිතර සොයා බැලූ බවත්,ඔහුට තම දියණිය විටෙක මවක් විටෙක දියණියක් තවත් විටෙක යෙහෙළියක වන බවයි නලින් පෙරේරා කියා සිටියේ.

ඒ වගේම තවමත් අවිවාහක, යොවුන් වියේ පසුවන සුරූපී ස්වේතාට තම පෙම්වතා විසින් ප්‍රසිද්ධියේ විවාහ යෝජනාවක් රැගෙන එන අයුරු ඉතා සුන්දර ඡායාරූප පෙලක් මගින් සමාජ මාධ්‍යයන් ඔස්සේ සැරිසරනවා ඔබත් දකින්න ඇති.

ඉතින් නුදුරේදීම ඇයගේ විවාහ මංගල්‍යය සිදු වනු ඇතැයි අප අපේක්ෂා කරන අතරම එදින ද ඇයගේ මංගල ඡායාරූප ඔබ වෙත රැගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අපි ඇයට සුභ පැතුම් එක් කර සිටිනවා.

Related News

Comments

Leave a comment