Lak Derana News

අහුලගත්ත ගොසිප් · February 23, 2022 · 1 min read · 1 views

නයෝමි තක්ශිලා මෙහෙණින් වහන්සේ කෙනෙක් වගේ කරන්න යන දේ මෙන්න

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ “මීදුම් අම්මා” ටෙලි නිර්මාණය තුළින් පුංචි තිරයට පා තබන ඇය තම ප්‍රථම ටෙලි නිර්මාණයේ ම ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ රංගන ශිල්පිනී, සිනමාවේ නිළි රැජිනිය වන මාලනී ෆොන්සේකා මහත්මියගේ දියණියගේ චරිතය නිරූපණය කිරීමේ වාසනාව හිමි කර ගන්නා ඇය,

මේ දිනවල විකාශය වන “නීල පබලු” ටෙලි නිර්මාණයේ “පූජා” ලෙසත්, “රන්තිලි වැව” ටෙලි නිර්මාණයේ “මුතු මැණිකේ” ලෙසත්, “අඳුන් ගිර” ටෙලි නිර්මාණයේ “පද්මාවතී” ලෙසත් ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින අතර,

රංගනය පිළිබඳව වේදිකාව ඔස්සේ ලද දැණුමෙන් වේදිකාවේත්, පුංචි තිරයේත් ,රිදී තිරයේත් බබළන රංගන ශිල්පිනියක වන ඇය අති දක්ෂ, ජනප්‍රිය ,යොවුන්, සුරුපී රංගන ශිල්පිනිය නයෝමි තක්ෂිලා ය.

එකාකාරී චරිතයන්ට කොටු නොවී කළු ,සුදු විවිධාකාරයේ චරිතයන්ගෙන් රංගන ප්‍රතිභාව පෙන්වන ඇය ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් ද ඉතා ඉහළින් ලබන බව නොරහසක්.

අනුරාධපුරය වැනි දුෂ්කර ප්‍රදේශයක උපත ලබා රංගනයට තිබූ ආසාව නිසාම ටවර්හෝල් රංගන පාසලෙන් රංගනය පිළිබඳව ඩිප්ලෝමාවක් හැදෑරීමේ අරමුණින් කොළඹ පැමිණෙන ඇය එහි පෙන් වූ දක්ෂතාවයන් නිසාම පුංචි තිරයට ආරාධනා ලබන අතර,

එයින්ද නොනැවතී රිදී තිරයටද පාතබන තක්ෂිලා නව පරපුරේ සිටින රංගන ශිල්පීන් අතර දක්ෂතාවයෙන් මෙන්ම රංගනය පිළිබඳ දැනුමෙන් ද ඉදිරියෙන් ම පසුවන යොවුන් රංගන ශිල්පිනියක ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

ඒ වගේම මේ වන විට රංග කලාව පිළිබඳව උපාධිධාරිනියක වන තක්ෂිලා ගේ අනාගත බලාපොරොත්තුව වී ඇත්තේ රංග කලාව පිළිබඳව ගුරුවරියක ලෙස අනාගත පරපුර බිහිකරන්න බවයි ඇය කියා සිටියේ.

තවමත් අවිවාහක තනිකඩ දිවියක් ගත කරන මේ සුරූපී රංගන ශිල්පිනිය ව්‍යාපාරික තරුණයකුගේ පෙම්වතියක බවත්, ඉදිරි වසර දෙක ඇතුළත ඔහු හා විවාහ වීමට බලාපොරොත්තු වන බවයි කියා සිටියේ.

ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය කසාවතින් සැරසී සිටින ඡායාරූපයන් පෙළක් මේ දිනවල මුහුණු පොත තුළ සැරිසරනු ඔබත් දකින්න ඇති.

ඒ පිළිබඳව ඇය කියා සිටියේ ඇය රංගනයෙන් දායක වන රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලේ “උත්පලවන්නා” නාට්‍යයේ ඇය මෙහෙණියට රංගනයෙන් දායක වී සිටින බැවින් එහිදී ලබාගත් ඡායාරූපයන් බවයි.

ඉතින් ඔබ අප කවුරුත් බෙහෙවින් ආදරය කරන මේ සුරූපි, යොවුන් රංගන ශිල්පිනිය නයෝමි තක්ෂිලා ගේ ඉදිරි ගමනට අපි ඇයට සුබ පැතුම් එක් කර සිටිනවා.

Related News

Comments

Leave a comment