Lak Derana News

අහුලගත්ත ගොසිප් · January 19, 2022 · 1 min read · 1 views

ධරණී වගේම ගොඩක් දඟ කිම් හේෂානි කියූ කතාව

මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන, ජනප්‍රියතම ටෙලි නිර්මාණයන් අතර ඉදිරියෙන්ම තැබිය හැකි, කාලීන ගැටලුවක් පිළිබඳව කතාබහට ලක් කෙරෙන ටෙලි නිර්මාණයක් ලෙස දෙරණ නාලිකාවේ විකාශය වන “ධරණී” ටෙලි නිර්මාණය හඳුන්වා දෙන්න පුළුවන්.

එහි “තරුමිණී” නම් ප්‍රධාන චරිතයට ජීවය එක් කරනු ලබන්නේ අති දක්ෂ, සුරූපී, නවක රංගන ශිල්පිනියක් වන හේශානි ලියදිපිට විසින් වන අතර “ධරණී” කියන්නේ ඇයි ගේ ප්‍රථම, කුළුදුල් ටෙලි නිර්මාණය බවයි ඇය කියා සිටියේ.

තම ප්‍රථම රංගන නිර්මාණයේ ම ප්‍රදාන චරිතයට ජීවය එක් කිරීමට තරම් වාසනාවන්ත වන ඇය සමාජ මාධ්‍යයන් තුල ද නිතර දක්නට ලැබෙන ,කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.

ඇය සාමාන්‍ය ජීවිතයේ ඉතා දඟකාර ,නපුරු චරිතයක් වන බව පවසමින් හේෂානි කියා සිටියේ “තරුමිණී” නම් චරිතයට ඇයට ප්‍රේක්ෂකයින්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙන බවත්,

වර්තමානයේ කාන්තාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන ප්‍රශ්න, ගැටලු පිළිබඳව ඉතා පැහැදිලි අයුරින් කතාබහට ලක් කෙරෙන “ධරණි” ටෙලි නිර්මාණය ඉතා අර්ථවත් නාට්‍යයක් බැවින්

බොහෝ හොඳ ප්‍රතිචාර ඇය ගේ චරිතයට මෙන්ම ටෙලි නිර්මාණයට ද ලැබෙන බවයි. ඒ වගේම කුඩා කල සිට නර්තනයට උපන් හපන්කම් දක්වා ඇති ඇය බාලවියේ සිටම කලාවට ලැදි ,විවිධ අංශයන්ගෙන් නර්තනය ද හදාරා ඇති තරුණියක් බවයි අපට දැනගන්න ලැබුණේ.

එමෙන්ම කුඩා කල සිට නර්තන ගුරුවරියක වීමට ප්‍රිය කර ඇති ඇය මේ වන විට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් බවයි කියා සිටියේ.

තවමත් 24 හැවිරිදි යොවුන් වියේ පසුවන මේ සුරූපී රංගන ශිල්පිනිය කියා සිටියේ ඇය තවමත් පෙම්වතියක ද නොවන බැවින් විවාහයක් පිළිබඳ ව සිතීමට තව බොහෝ කල් තිබෙන බවයි.

ඉතින් ඔබ අප කවුරුත් බෙහෙවින් ආදරේ කරන මේ සුරූපී ,අති දක්ෂ, යොවුන් රංගන ශිල්පිනිය හේශානි ලියදිපිට ගේ ඉදිරි අනාගතයට අප ද ඇයට සුබ ප්‍රාර්ථනා කර සිටිනවා.

Related News

Comments

Leave a comment