Lak Derana News

අහුලගත්ත ගොසිප් · February 01, 2022 · 1 min read · 1 views

දෙවියන්ගෙ ආශිර්වාදය හින්දා තමයි මගේ නම මෙචර ජනප්‍රිය වෙන්නේ

“හොරා පොලිස්” වැනි බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ සිනමා නිර්මාණයන් බොහෝමයක් හරහා ප්‍රේක්ෂක ආදරය දිනා සිටින ඇය මේ දිනවල තිරගත වන “නිම්හිම්” සිනමාපටයේ “රාදිකා” නම් චරිතය හරහාද ඔබ හමුවට පැමිණෙන අතර ඇය තමයි අති දක්ෂ, ජනප්‍රිය, සුරූපී රංගන ශිල්පිනී ගංගු රොෂානා කියලා කියන්නේ.

නිතර දක්නට නොලැබුණත් රංගනයෙන් දායක වන සෑම චරිතයකටම උපරිම සාධාරණය ඉෂ්ට කරන රංගන ශිල්පිනියක වන ගංඟු ඒකාකාරී චරිතයන්ට කොටු නොවී විවිධාකාර වූ චරිත හරහා ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත්ව තිබෙනවා කිව්වොත් නිවැරදියි.

වැඩි වශයෙන් සිනමා රංගනයන් සඳහා ආරාධනා ලබන ඇය කියා සිටින්නේ හේතුවක් නොදන්නවා වුවත් ටෙළි නිර්මාණයන් සඳහා ආරාධනා වැඩිය නොලැබෙන බව හා මේ වන වනවිට සිනමා ආරාධනා ද මඳක් අඩුවෙන් ලැබෙන බවයි.

එයට හේතුව වශයෙන් ඇය දකින්නේ මේ වන විට බොහෝ දෙනෙක් කණ්ඩායම් ගතව වැඩ කරන බැවින් එවැනි කණ්ඩායමක සිටියහොත් නිතරම රංගන ආරාධනා ලැබෙනු ඇති බවයි.

අති දක්ෂ අධ්‍යක්ෂවරයකු වන මිචෙල් ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කරන ලද “නිම්හිම්” සිනමාපටය සඳහා අධ්‍යක්ෂකවරයා විසින් ගංඟු හට ආරාධනා කර ඇති අතර එහි ඇය,

රංගනයෙන් දායක වී තිබූ “රාදිකා” නම් අවිහිංසක දමිළ තරුණිය ගේ චරිතය ඇයගේ හදවතටම දැනුනු චරිතයක් බවයි ගංගු කියාසිටියේ.

ක්ෂේත්‍රය තුළ බොහෝ කැපිලි කෙටිලි මධ්‍යයේ වුවත් සාර්ථක ගමනක් පැමිණ තිබෙන, ඉදිරියටත් දක්ෂ රංගන ශිල්පිනියක ලෙස දිගු ගමනක් යන්න සිහින දකින, නිර්මාණයන් හරහා ඉඳහිට දක්නට ලැබුණත් ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන නාමයක් තබා තිබෙන සුරූපී නිලි ගංගු රොෂානා ගේ ඉදිරි ගමනට අපි ද ඇයට සුබ ප්‍රාර්ථනා එක් කර සිටිනවා.

Related News

Comments

Leave a comment